ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, October 28, 2011

බූරුවා තැපීම

ගම් වල වගේම නගරෙත් එක විදියට තියෙන ක්‍රීඩාවක් තමයි, බූරුවා ගැහීම කියන්නෙ. බේබි කැපීම, ආස්කින් හිටින් හෝ නගරයේ නම් පෝකර් කියමින් ගහන්නෙ එකම බූරුවා ගැහීමයි.  මෙම බූරුවා ගැහීම යන නම නිර්මාණය  වීමේදී අර පුත්තලම් පැත්තේ ඉන්න අස්ප පවුලට අයත්, ලොකු කං ඇති කකුල් හතරේ සිවුපාවාගෙ නම ඈඳුණේ කෙසේදැයි තවමත් හිතා ගත නොහැක.






සමජයේ මෙතරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නිසා බූරුවා ගහන්නෙ කොහොමද කියා මා කියන්නට යන්නෙ නැත. නමුත් මගෙ සිසු අවදියේ බූරුවා ගැසීම සම්බන්ධ සිදුවූ යම් සිද්ධියක් මගේ මතකයට නැගේ. 


හැම ගමකම වාගේ මල ගෙවල් වල, අළුත් අවුරුදු කාලයට සහ සමහර විට අවුරුද්ද පුරාම පවත්වා ගෙන යන බූරු පොළවල් අපෙ ගමේත් තිබිණි.


අප බොහෝ විට යන්නෙ මෙම අළුත් අවුරුදු කාලයේ තිබෙන බූරු පොළවල් නැරඹීම සඳහා පමණි.


බූරුවා ගැසීම නීතිවිරෝධී මෙන්ම පොලෝසියෙන් කඩා පැන බූරු ගසන්නන් සහ බූරු ගසන අය දෙස බලා සිටින්නන් - බූරු තපින්නන් - ද කුදලා ගෙන ගොස් නඩු දමයි. අපිත් මෙසේ කුදලා ගෙන අය දෙස ප්‍රීතියෙන් බලා සිටීම කළෙමු .නමුත් අළුත් අවුරුදු කාලයේ නම් බූරු තැපීම කරන්නේ.. බූරුවා පිටියම සුද්ද කර ගත් මහා  ජයග්‍රාහකයන් අවට සිටින අයටද රු. 50 රු. 100 බෙදා දී යන බැවිනි. මෙසේ එකතු කර ගන්න මුදල් අපි පතංචි, කැට ආදී  ක්‍රීඩාවලට යෙදවීමු.


එසේම සමහර අන්තයටම පරදින්නන් තමා සන්තකයේ ඇති වාහන, රන් බඩු, සමහර විට ඇඳ සිටින ඇඳුම පවා උකස් කර සූදු කෙලී. මෙවන් සිද්ධි අපට මහාත් විනෝදයක් සැපයුවේය. අප බොහෝ විට බූරු තපින්න යන්නෙ අළුත් අවුරුදු දින කීපයේ ය මන්ද යත් අප්‍රේල් 12 සිට 15 හෝ 16 දින අතරතුරදී පොලිසියෙන් පනින්නෙ නැත යන්න ඉර හඳ සේ විශ්වාස නිසා අපද බිය නොමැතිව බූරු පිට්ටනිවල කරක්ගසා දිනන්නන් ලබා දෙන සන්තෝසම් භුක්ති විඳීමට පුරුදුව සිටියෙමු.


එවන් අවුරුද්දක අපේ සෙට් එකේ 4-5 දෙනෙක් මෙසේ බූරු තපින විට.. 


"පොලීසියෙන් එනෝ" 


යනුවෙන් කිසිවෙක් කෑ ගසන හඬ සමඟම අපිද තැති ගැන්වී.. හිස් ලූ ලූ අත දුවන්නට සූදානම්ව මිදුලට පැන්න විට දුටු දර්ශනයෙන් තුෂ්ණිම්භූත  වීමු. සෑම පැත්තෙන්ම පෙනෙන්නේ කාකි සූට් ගසා ගත් සේනාවකි. අපගේ ගම පොලිස් බල ප්‍රදේශ 2කට මැදිව ඇති නිසා යම් සිද්ධියක් වුවහොත් මෙම පොලීස් ස්ථාන දෙකෙන්ම පැමිණෙයි. 20ක් 30 වූ බූරු පිරිස කෙසේ හෝ බේරී පලා යන්නට උත්සාහ ගනිද්දී අපද එහෙන් මෙහෙන් රින්ගා.. සරම් කරට ගෙන වේගයෙන් දුව යන්නට වීමු. පොලිස් මාමලාගෙ කුණුහරුප සමඟ ඇසෙන තර්ජන හමුවේ.. අපිට හුරු අපේ ගමේ තේ වතු, රබර් වතු, කාණු හරහා අපි සියල්ලෝම සී සී කඩව දුව යන අතරතුරේදී අසුවූ අය හට ලැබෙන ගුටි පූජා දකින අප හට කෙසේ හෝ මෙතනින් පලා යාමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට වීය..මා පසු පස හඹා ආ පොලිස් මාමාට වෙට්ටු කීපයක් දමා මමද අසල තේ වත්තෙ උසට  වැඩුණු තේ පඳුරු අස්සෙන් සැඟවී දිව ගියෙමි. තේ වත්ත ආසන්නයේ වූයේ රබර් වත්තකි. මෙම රබර් වත්ත පිහිටි ප්‍රදේශයෙ කඳු ප්‍රදේශයක් වූ අතර මෙමකඳු ගැටය එහා පැත්ත කුඹුරු යායකි. මගේ සැලැස්ම වූයේ මෙම කුඹුර හරහා පැන යාමටයි. තේ පඳුරු අතරින් හෙමින් ඉස්සී බැලූ විට අහල පහළ කිසිවකුත් නොපෙනුණ නිසාම ක්ෂණිකව  රබර් වත්තට පැන ගතිමි. තව විනාඩියෙන් මන් ගොඩ.. මගෙ අනිත් යාළුවො අහු උනාද දන්නෙ නැහැ ..
එක්වරම බෙල්ල පිටුපස දඩු අඬුවකට අසු උනාක් මෙන් දැනුණ අතර මා උත්සාහ කළේ  පසු පස හැරී සිදු වන්නෙ කුමක්ද බැලීමටයි.


"තෝ හිතුවෙ මගෙන් බේරෙන්න නේද? දැඟලුවොත් කුඩු කරනවා උඹේ කකුල් දෙකම.."


කියා නොවේ පොලිස් මාමා කිව්වෙ.. කියවන්නන්ගෙ දැනුමේ හැටියට මෙම වචන වලට සුදුසු වචන ආදේශ කර ගන්න මෙන් ඉල්ලා සිටිමි. ඔහු කී දෙය කළේ නම් මෙම සිද්ධිය ලියන්නට මේ වනවිට ලියන්නෙක් ඉතිරි වන්නේ නැත. ලියන්නාගෙ පරපුරම එතනින් ඉවරය. එක් අතක වූ තුවක්කුව කරේ දමා ගත් පොලිස් මාමා මට පා පහරක් එල්ල කර සරම් ගැටය ළඟින් අල්ලා ගත්තේ කෙසේ වත් ගැලවී නොහෙන පරිද්දෙනි . දැන් නම් සියල්ලම ඉවරය.. මෙතෙක් පොලීසියෙන් රැගෙන යනවුන් දෙස බලා වූ ප්‍රීතිය ඵල දෙන්නට පටන් ගෙන තිබේ. තව මොහොතකින් ගම මැදින් අපව ඇද ගෙන යනවිට සිදු වියහැකි සියල්ලම මා දෙනෙත් ඉදිරිපිට මැවී පෙනෙන්නට වීය. 


"අනේ මාමෙ අපි බූරු ගැහුවෙ නැහැ..බලා හිටිය විතරයි. මට යන්න දෙන්න."


"තොට යන්න දෙන්න නේද ?..හිටු "


කියමින් අසල වූ රබර් ගසක දෙපාරක් ඇන.. බඩට ද දෙකක් අනිමින් කී නොසරුප් වදන්... සමහර වදන් නම් ජීවිතේටම ඇසුවේ ඒ මොහොතේදීමය..


මේ පහර දෙකින් වේදනාවක් නොවූවත් මා අතිශයෝක්තියෙන් කෙඳිරි ගාමින් දෙකට නැමුණේ  පොලිස් මාමා තවත් පහර දෙතැයි  සැකපහළ වූ නිසාය. එසේ නැවෙනවාත් සමඟම මා දුටුවේ කූඩැල්ලන් දෙදෙනකු මගේ කකුල් දෙක මනින්නට කරන උත්සාහයයි. වඩාත් සාර්ථක කූඩැල්ලා මගේ දණහිස  ළඟය.


 "පොඩ්ඩක් ඉන්න රාළහාමි කූඩැල්ලො දෙන්නෙක් ඉන්නවා අරන් දමන කන්"


මන් එක කූඩැල්ලෙක් අතට ගෙන කෙළින් වූයෙමි.


පිළිකුල  මිශ්‍ර දෙනෙතකින් බුරුසු රැව්ල නටවමින් මා මොහොතකට අත හැරිය පොලිස් මාමා තමාගේ දෙකකුල් සහ අත් දෙස විපරමින් බලන්නට විය..


ඊළඟ ක්ෂණයේ දර්ශනය නම් සෑහෙන පරතරයක් තබා ඉදිරියෙන් දුවන මා සහ අසභ්‍ය වචන වලින් වෙඩි තියමින් මා පසු පස පන්නන පොලිස් මාමාය.. රබර් ගස් වලින් කට්ටි පනිමින් දුවන මා ඉදිරියේ දසුන මගේ කකුල් හිරි වැට්ටවීය.. තවත් පොලිස් කීපදෙනෙක් රබර් වත්ත පාමුල කුඹුරු යායෙ කෙළවරක බූරු සෙට් එකේ කීප දෙනෙක් අල්ලා ගෙන සිටී. නොපෙනුණත් මගේ රාළහාමි මාමා මොහොතකින් මා  අසලට පැමිණෙනු  නියතය.  රබර් වත්තේ එක් කෙළවරක කරුණෙ  අයියාගේ ගෙදර ඉදිරි දොර විවෘත ව ඇත. වෙන කිසිම විකල්පයක් නැත. 


ඇසිල්ලකින් මා එහි සාලයේය. කරුණෙ අයියාගෙ බිරිඳ සෝමෙ අක්කා කුස්සියෙ දවල් ඉවීමට මෑකරල් කඩමින් සිටියාය.


 "අක්කෙ පොලීසියෙන් පන්නනවා මාව බේරගනින්. "


"රින්ගපන් මල්ලියෙ කාමරේට"


දඩාස් හඬින් කාමරේ ජනේල වැසූ අක්කා..


"උඹ නිදා ගනින් ඇඳේ ! උණ වගෙ හිටින්!"


"මාව අහු උණා කොස්සෙකුට ඌ මාව අඳුරනවා අක්කෙ "


මගේ සූට් එකම පෙන්නමින් ගොත ගසන මගේ හඬ හැඬුම්බරය.


"බය වෙන්න එපා මන් උඹව බේරා ගන්නම්..මේක ඇඳ ගනින්"


ඇඳ පාමුල බිම තිබූ කරුණෙ අයියා යන්නට පෙර ගලවා දැමූ සරම් රවුම මා අතට දෙන ගමන් කීය. මගේ සරමට උඩින් එය පටලවා ගෙන මම ඇඳේ ගුලිවී නිදා ගත් වහාම අක්ක හැඳ සිටි චීත්තය ගෙන මගේ ඔළුවේ සිට පොරවා එළියට ගියාය. මම වහාම  දෑස පියා ගෙන වසා සිටි ජනේලය පැත්තට හැරී.. වේගයෙන් ස්පන්දනය  වන මගේ හදවත නිසල කිරීමට තැත් කළෙමි.


අනේ දෙයියනේ මේකෙන් මාව ගලවා දෙන්න කොහොමහරි.. මන් මොනවාහරි පූජාවක් තියෙනවා ඔබ තුමාට.. මන් උත්සාහ කළේ පන්සලේ දේවාලයේ ඇති දෙවිවරුන් කවුරුද යන්න මතකයට නඟා ගැනීමටය. 


අක්කාද තමා ඇඳ සිටි දිග සාය පිටින් කාමරයෙන් එළියට යනවා යාන්තමට දකිනවාත් සමඟම කාමරයේ ජනේලය අසලින් එළියෙන් වේගයෙන් දුවවිත් ගෙයි පඩිය උඩට කවුරුන් හෝ අඩිය තියනවා මට  ඇසිණි. අප්පට සිරි පොලිස් මාමා දැකලවත්ද මන් ගේ අස්සට රින්ගනවා.. අනේ බුදු අක්කෙ මාව බේරා ගනින් උඹේ මොළේ  කල්පනා කරලා බොරු ටිකක් කියලා.. මම සිතින් යැද්දෙමි..


"සෝමා මොකද කාමරේ ජනේලෙ වහලා මේ මහ දවල් ? ඇයි දොර අඩවල් කර ගෙන හිටියෙ ? මොකද ඔය සාය පිටින් ඉන්නෙ ?"


ඒ කරුණෙ අයියාගෙ ගොරහැඩි කටහඬයි !






මතු සම්බන්ධයි...

දෙවන කොටසට මෙතනින් යන්න.  http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post.html



Tuesday, October 25, 2011

මෙහෙමත් යාළුවො...

පැල් කවි කියල තියෙන මේ කවි ගොන්න මට ඇහැ ගැටුනෙ "ගොවි ගෙදරින් දිසාපති මැදුරට " කියන අමර හේවාමද්දුම විසින් ලියන ලද පොතෙන්. මේ කවි ටික මට මීට ඉස්සෙල්ල හමු වෙලා තිබ්බෙම නැති නිසා නවමු බවක් හිතට ගෙනාවා.


පුතේ ඔය මිතුරො පසුපස එන           සැවොම
අතේ නුඹෙ තියෙන තුරු ඇත             සැලකීම
හිතේ උන්ගෙ අදහස ඉටු                     නූනාම
කෙතේ බැන්ද පඹයට මෙන්             සැලකීම


දෙන තුරා බොහොම හොඳ හැටි කරයි          කතා
මඟ හැරා දුවයි බැරිවුණු දාට                          ඉතා
රට පුරා පතුරවයි බොරු නුගුණ                     කතා
හෙන හුරා තමයි උන් දැන ගනින්                  පුතා


ළඟ සිටිනා තුරුම හොඳ මුහුණක්              බඳින
මඟ හැර යනකොටම මර උගුලක්              අදින
වග තතු සොයන බැරි පිරිසක් වෙන        මෙදින
මගෙ පුත ඉතින් වත් වෙසෙනුය එය       හැඳින


සමහර යාළුවො ගෙදරට එන්නේ මිතුරගෙ අතමිට             දැකලාලු
සමහර යාළුවො නිතරම එන්නේ බීගෙන සූදුවෙ              යන්නමලු
සමහර යාළුවො නිතරම එන්නේ හොරෙන් උගුල් ඇද     යන්නමලු
සමහර යාළුවො නිතරම එන්නේ ගෑනිගෙ ලස්සන             දැකලාලු


මේක වැඩිහිටියකු විසින් පොඩිහිටියකුට කියන ලද කවි කිහිපයක්.. අර්ථය යාළුවො ආශ්‍රය පරිස්සමින් කියලයි. බොහොමයක්ම
 යාළුවො කියන්නෙ ආශ්‍රයට හොඳ නැති අපිව අමාරුවෙ දමන්නම දඟලන ජාතියක්ය කියන එක තමයි මේ කවිය තුලින් අර්ථවත් වෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.



පුදුමයි එහෙම යාළුවො මගේ ජීවිතේට හම්බ නොවිච්ච එක !..


ඒ නිසාම මේ කවි පද වලින් මට නම් එහෙමට ප්‍රයෝජනයක් නැති වෙයි. ඒත් මම බැලුවෙ මේ සිද්ධිය 1950 ගණන් වල තිබුනු තත්වය මත පබැඳුනු එකක්.. එයම අදටත් වලංගුද? අතත්‍ය පරිසරයක් තුල හමුවන යහළු යෙහෙලියන් මෙසේමද? 


මගේ පුද්ගලික පිළිතුර නම් "නැත" යන්නයි.. 


මේ සිතුවිලි අතරේ ගැවසෙන මගේ සවනට වැටුනේ නදීක ජයවර්ධනගේ මෙ ගීතය...වර්ශන් කීපයක්ම තිබුනත් ගයිනි නදී එඩිට් කරපු මේක තමයි මගේ හිත ගත්තේ..


මිතුරනේ.


ප.ලි - කවුරුවත් මේ වීඩියෝ එක බලලා ඒක ගැන කමෙන්ට් එකක් නොදීපු එක නම් ... කනගාටුවට කරුණක් ! 

Tuesday, October 18, 2011

මමත් දැක්කා මිනිහා බෑග් එකට යටින් අත තියාගෙන...

ඩ් ර් ර් ර්.....ඩ් ර් ර් ර් ර් ර් .... ඩ් ර් ර් ර් ර්.....ඩ් ර් ර් ර් ර් ..


ෆෝන් එක උදේ පාන්දරම බෙරිහන් දෙනවා. රැ තිස්සෙම දමල තිබුනු වයිබ්‍රේශන් මෝඩ් එක තවම වෙනස් කලෙත් නැහැ. කවුද ????? මේ උදේ පාන්දරම. ලෑස්තිවෙලා ඔෆිස් යන්නත් තියෙනවා..රෑට වැඩියෙන් කෑවහම උදේට නැගිටින්නෙ හරිම අමාරුවෙන් තමයි..සාමන්‍ය්යෙන් ගෙදර කම්මැලි කමට නිකන් ඉන්න වෙලාවට වැරදිලාවත් කතා කරන්නෙ නැති යාලුවො කතා කරන්නෙම මොනවා හරි වැඩක් කරන්න කඩි මුඩියේ දඟලන වෙලාවටම තමයි !පොඩි පහේ නොරිස්සුම් හැඟීමක් එක්කම ෆෝන් එක අතට ගත්ත ගමන්ම දැක්කෙ අයිස්චර්යාගෙ ෆොටෝ එක එක්ක ඊට පහලින් දේශි කියන නම සහ දුරකතන අංකය... දුන්නක් වගෙ කෙලින් වෙච්ච මම ටුක් ගාලා රැල් බුරුල් ඇරලා කට හඬ පොඩ්ඩක් පාදා ගෙන ෆෝන් එකේ ආන්සර් බට්න් එක එබුවා.

"ගුඩ් මොර්නින්ග් අයියෙ මම දේශි නන්ගි"


"ආ නන්ගිද මන් බැලුවා ඒත් කවුද කියල මේ නොදන්න නම්බර් එකකින් කතා කරන්නෙ?"


"ඇයි අයියෙ මන් ඊයෙත් තුන් හතර සැරයක්ම කතා කලේ ෆෝන් නම්බර් එක සේව් කර ගත්තෙ නැද්ද?"


"නැහැ නන්ගි මොනම දෙයක්වත් කලේ නැහැ."


"අනේ අයියෙ තවම ඔයාට අමාරුද? ඉහි ඉහි ඉහි.. මන් හින්දනෙ මේ සේරම දේවල්.. මට ඊයෙ රෑ නින්ද ගියෙත් නැහැ."


"අයියෝ නන්ගි අඬන්න එපා. දැන් මොනව කරන්නද? වෙච්ච දේ වෙලා ඉවරයි. අතීතය වෙනස් කරන්න පුලුවනෑ"


"ඒ වුනාට අයියෙ..ඇත්තටම තවම අමාරුද ඔයාට? රිදෙනව ඇති හරියට නේද? මොනවද රෑට කෑවෙ?"


"ටිකක් රිදෙනව නම් තමයි නන්ගි. මොනවාවත් කෑවෙ නෑ.. බනිස් ගෙඩියක් කන්න ගියා අමාරු නිසා නිකන් හිටිය. අද උදේට නම් කන්න ට්‍රයි කරනවා.."


"ඉහි ඉහි ඉහි.. අනේ අයියෙ අපේ ගෙදර උදේට ඉඳිආප්ප ඉව්ව කිරිහොදි වැඩිපුර දමලා ඔයාට ගෙනත් දෙන්නද. මන් ළඟ තියෙනවනෙ ඇඩ්‍රස් එක.."


"එපා එපා නන්ගි.."


ඊයේ රාත්‍රියේ ඉතුරු වූ ෆ්‍රයිඩ් රයිස් පිඟානම මයික්‍රෝවේව් එක ඇතුලට දමමින් මම කීවෙමි.


"මම ඊයේම අපේ අම්මටයි තාත්තටයි කිව්ව. තාත්ත කිව්ව ගිහින් බලමු කියල.. මන් දැන් එන්නද තාත්තවත් ලෑස්ති කරගෙන."


"එපා නන්ගි එපා මම ලෑස්ති උනේ ගෙදර යන්න. මේ දවස් ටිකේ ඔෆිස් යන්නත් බැහැ. මෙහෙ හිටිය කියලත් වැඩක් නැහැ. මම ගෙදර යනවා හෙට සිකුරාදා සති අන්තයෙ ගෙදර ඉඳන් හොඳ උනොත් විතරක් සඳුදා ආපහු මෙහෙ එනවා."


"ඉහි... ඉහි... ඉහි... බලන්න අයියෙ මේ සේරම මන් හින්දනෙ.. මම අපේ වාහනයක් එවන්නද ඩ්‍රයිවර් කෙනෙක් එක්ක අයියට ගෙදර යන්න."


"එපා එපා නන්ගි මම ඊයේම බස් එකක සීට් එකක් බුක් කලා. තව පැයකින් බස් එක තියෙනවා.. කතා කරනකොට හරි අමාරුයි නන්ගි.. මන් එහෙනම් පස්සෙ කතා කරන්නම්. "


"හා අයියෙ.. මන් ආයිමත් කතා කරන්නම්.. බායි"
----------------------------------------------------------------------------------








පෙර දින රාත්‍රීයේ හදිසියේ කඩා වැදුනු කැරපොත්තන් හට එල්ල කල මෝර්ටීන් ප්‍රහාරය නිසා දිවි තොර කර ගත් සියල්ලම එකතු කර එලියට වීසි කලෙමි. මට අප්‍රසන්නම සත්තු ජාතිය තමයි කැරපොත්තන් !


මම සුපුරුදු ලෙසම ඇඳ පැළඳ නුපුරුදු ලෙස මා හට මේ දින වල රැගෙන යන්නට සිදු වූ ලැපා සහිත මල්ල සුරතට ගතිමි. මා හට ලබා දී තිබු පරිගනකය අප්සට් වී ඇති නිසා පහු ගිය දින කිහිපයේම මා අකමැත්තෙන් වූවද ලැප්ටොපා ඔෆීසිය වෙත ගෙන යාමට තීරනය කර තිබුනි. කිලෝ 2-3ක් බර සමග තවත් පොත් පත් කිහිපයක බර සෑම දිනකම රැගෙන යාමේ ප්‍රතිපලය වූයේ මනාව පුශ්ටිමත් වූ මගේ සිරුර කෘශ වී යාමය. 


මොනවා කරන්නද දුක තමයි රන්ජනී කියමින් මම මේ දුක වැළඳීමට පුරුදු විය යුතු වන්නේ කාර්යාල කාලය තුල එෆ්බී, බස් හා බ්ලොග් සඳහා කාලය ගත කරන බැවින් ඔබට ලබා දී ඇති පරිගනකය නැවත ලබා නොදීමට පාලක අංශය තීරනය කර ඇති බව සතුටින් දන්වමි යනුවෙන් ඊයේ මා නමට යොමු කර තිබූ ලිපිය නිසාය.


මෙයින් නිසැකවම පෙනී යන්නේ මාගේ කාර්යසාධනය පිළිබඳව ආයතනය සෑහීමකට පත්ව ඇති බවයි.


මා බස් නැවතුමට යන විටද බස් රථයක් පැමිණ තිබූ අතර පිටතට පෙනෙන ආකාරයට නම් බස් රථයේ ඉඳ ගැනීමට හිස් ආසනයක් නොතිබුනි. නමුත් ඊළඟ බසය එනතුරු බලා සිටීමට වුවහොත් නියමිත වෙලාවට යාමට නොහැකි වන නිසා මම බසයට නැග්ගෙමි. පසු පස දොරටුවට ආසන්නව අනිත් පැත්තේ එක් අසුනක කවුළුව ආසන්නයේ අසුන හිස්ය.


මෙම අසුන්පේළියට ඉර අවුව වැටෙන නිසා බොහෝ අය ඉඳ ගැනීමට අකමැතිය. එම අසුනේම වාඩි වී සිටියේ ඉතා දැකුම්කළු යුවතියකි. පොශ් ගෑල්ලමෙක් ! තරමක් කොටට ඇඳ සිටි බව මා නෙත ගැටුනේ මා හට කවුළුව ආසන්නයේ අසුනට යාමට ඉඩ දීමට ඇය තම පාද අසුනෙන් එලියට ගෙන ඉඩ ලබා දුන් නිසාමය. මමද හරි බරි ගැසී ඉඳ ගෙනා ලැපා සහිත බෑගය මගේ උකුලමත තබා ගතිමි. දෙතුන් වරක්ම බසයට ගොඩ නගින අයවලුන් දෙස බැලුවේ මා අඳුරන අය සිටීද යන්නට මිස ළඟ සිටි ඇය දෙස බැලීමට නොවන බව දිවුරා කිව හැක. සැබවින්ම ඇය මන බඳින රූ සපුවකට හිමිකම් කීවාය. අහල පහල සිටි තරුණයන්ද මා දෙස බලා සිටින්නාක් මෙන් ඇය දෙස බව මට නෙත් කොනින් පෙනිනි. බස් රථය ගමන ආරම්භ කරන විටම මට මතක් වූයේ කාර්යාලයට ගිය විගසම කල යුතු රාජකාරී කිහිපයකි. ඒ අතර ලිපි කීපයක්ම ඊ මේල් කලයුතු අතර ඒ සඳහා මගේ මිතුරකු මා හට යම් කරුනු රාශියක් මේල් කරන බව සිහි විය. හා ! ඊ මේල් චෙක් කර ඒ කරුණු එවා නැත්නම් කෝල් කර මතක් කිරීම දැන් කලහොත් කාර්යාලයට ගිය විගසම ලොකුම වැඩේ අවසන්ය.


මා සාමාන්‍යයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වන ෆෝන් රාජයා තබා ගන්නෙ බෑගයේ ඉදිරිපස පොකැට්ටුව තුලය. නැවතත් හරි බරි ගැසී එක අතකින් බෑගයෙ එක කොනක් අල්ලා ගෙන අනිත් අතින් සිප් එක ඇර.. අත එහාට මෙහාට කාල් ගා ෆෝන් එක අතට ගතිමි.


ඒ සමඟම සිදු වූ සිදුවීම් සමූහය සිදුවූයේ අසුරු සැනිනි.


මා ළඟ හිඳ ගෙන සිටි යුවතිය මහා හඬින් කෑ ගසමින් නැගිට්ටාය.. නැගිට ඇයගේ අතවූ බෑගය මා දෙසට විසි කරමින් එයත් රැගෙන අවට සිටි තරුණයන්ද තල්ලු කරමින් මගේ දර්ශන පතයෙන් ඈත් විය.
ඉස්සරහ සහ පසු පස ආසන වල සිටි සැවොම නැගිට සහ ඉඳගෙනම මා දෙස හැරෙමින් බලයි. 


"පාහරයා ලස්සන ගෑනු ලමෙකුට බස් එකක යන්න දෙන්නෙ නැහැ..."


"මමත් දැක්ක බෑග් එක යටින් අත දමාගෙන මූ ..."


"කලිසමුත් ඇඳගෙන යන මුන් තමයි.."


"යකෝ අම්මල, අක්කල, නන්ගිලා නැද්ද මුන්ට.."


"මුන්ට දෙන්න ඕනි රජකාලෙ දඩුවම් !"


එකපිට එක නැගෙන කටහඬ සියල්ලම මට එරෙහිවය .. සිදුවූයේ කුමක්ද ???


වැරදීමකින්වත් තරුණියගේ ශරීරය ස්පර්ශ වීමක් මට නොදැනිනි. 
ඒ සමඟම අසල සිටි හැඩි දැඩි තරුණයාගෙ අත මගේ මුහුණ වෙත ඇදී ආවේය. මදකට නැවී පහර වැලකීමට කල උත්සාහය වැරදී ගියේ මුශ්ටි ප්‍රහාරය මගේ වම් කම්මුල සහ මුඛය වෙත පතිත වෙමිනි.


නැගිටපන් ! මුන් ගහන්නයි යන්නෙ..ගහ ගන්න බැරි උනත් ආරක්ශාවට අවශ්‍ය පියවර ගනින් ! මගේ හදවත කෑ ගසයි.. කම්මුල සහ ඒ ප්‍රදේශය හිරි වැටී ඇත.


පරිගණකය සහිත බෑගය අසුනේ පැත්තකට තියන්නට වුවමනා වූවත් අවශ්‍ය ඉඩ සහ කාලය නොමැත.එනිසාම බෑගය කකුල සහ අසුන අතරින් රූටා ගොස් බිමට පතිත විය. ඊළඟට පැමිනි මුශ්ටි ප්‍රහාරය ෆෝන් එක සහිත අතින් වැලැක්වූ නිසා ප්‍රහාරකයාගේ අත වැදුනේ බස් රථයේ වීදුරුවේය.. 
හොඳ වෙලාවට කොලු කාලෙ කරටේ , කුන්ග්ෆු ටිකක් ඉගෙන තිබ්බෙ...
ප්‍රහාරකයා මදක් පසු බැස්සත් ඔහුගේ සහායට තව ඩැනී ලා කීප දෙනෙක් ඒ වනවිටත් පැමින ඇත. එක් අයෙක් මගේ ෆෝන් එක ඇති අත අල්ලා ගෙන එය උදුරා ගැනීමට දත කයි. සුළු උපක්‍රමයකින් එයින් මිදුනු මා එක කකුලක් ස්ථාවරව තබා ගෙන නිදහස් දෑත ඊ ළඟ ආරක්ශා කාරී වැලැක්වීම සඳහා ස්ථාන ගත කලෙමි. බස් රථය නැවතී ඇත. සියළුම මඟීන් සහ කොන්දොස්තරද අප සිටින දිශාවට පැමිණේ. තුන් දෙනෙක් එක් වර ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරයි.. තරමක අසීරු අවස්ථාවකි..


ඒ සමඟම.. යම්කිසි අයකු කෑ ගසමින් මා හට ප්‍රහාර එල්ල කිරීමට යත්න දරන තිදෙනා තල්ලු කර දමමින්..මා දෙසට පැමිණෙයි. ඒ අර තරුණියයි.. 


"ගහන්න එපා ගහන්න එපා.. ඒ අයියා මුකුත් කලේ නැහැ"


මට පහර දීමට සිටින තිදෙනා සහ මා අතරේ ඇය පවුරක් මෙන් සිට ගෙන සිටී.. මට පසු පස අසුනේ උන් මැදිවියේ පුද්ගලයාද මගෙ අල්ලා ගෙන තිබූ කමිසය අත හැරීම නිසා මා සම්පූර්ණයෙන්ම නිදහස් විය.. කමිසයේ බොත්තම් බොහෝමයක්ම කැඩී ගොස් සට සට හඬින් බිමට හැලී ගියේය.

"මොකද්ද වුනේ ? මොකද්ද වුනේ ? මේ යකා බෑග් එක අස්සෙන් අත දමලා ඔයාගෙ කකුල අත ගෑවා නේද ? මන් හොඳටම දැක්කනෙ?"


පහර දුන් හැඩිදැඩි තරුණයා විමසයි


"පිස්සුද ඒ අයිය එහෙම දෙයක් කලේ නැහැ.. අයියා මොකද්ද ගන්න බෑග් එක ඇරල ටික වෙලාවකින් ඒක ඇතුලෙන් කැරපොත්තෙක් පැන්න එලියට..මන් කැරපොත්තන්ට හරීම බයයි.. මන් දන්නෙ නැහැ මන් කෑ ගහගෙන දිව්ව.."


සියල්ලෝම බිම බලන විට දුටුවේ කාගේදෝ පතුලකට පෑගී අවසන් ගමන් ගිය කැරපොත්තාය.


"අනේ අයියගේ ලේ.. "


ඇය නැවතත් කෑ ගසමින් ලේන්සුව ගෙන මගේ මුව දෙසට ලන් කරමින්.. පිස දමන්නට වූවාය.. ඔහ් එවිටයි මා දුටුවේ මගේ කමිසය ලෙයින් තෙත් වී ඇත..එක් වරම හිරි වැටී ඇති කම්මුල දෙසට අත ගිය අතර ..යම් කිසි අමුත්තක් දැනේ.. 


"කවුද මෙහෙම ගැහුවෙ අයියෝ..ඉන්න අයියෙ ඉන්න"


ඇය ලේන්සුව ගෙන මගේ කම්මුලට තද කරමින්.. මගේ අතින් අල්ලා ලේන්සුව අල්ල ගන්නා ලෙස සන් කලාය. මා සමඟ ගුටි ඇන ගත් තිදෙනා පෙනෙන්නටවත් නැත.. සියල්ලෝම කුටු කුටු ගායි.. 


"දැන් සේරම හරි නේද.. යන් යන් "


කොන්දොස්තර බසය ආරම්භ කිරීමට සන් කලේය. 


"අනේ අයියෙ දැන් මොකද කරන්නෙ ?"


 ඇය ටිශූ පෙට්ටියක්ම ගෙන මගෙ ලේ වැකි කමිසය තෙත මාත්තු කරයි..ඇයගේ දෙනෙත බියපත් මුවැත්තියක් සේය.. 


"කමක් නැහැ නන්ගි.. "


අමාරුවෙන් කීවත් මමද බියපත් වූයේ හිරි ගතිය නැතිවීමත් සමඟම මුවට නැගෙන වේදනාව සමගය.
අහල පහල සිටින සියල්ලෝම මා දෙස මහත් අනුකම්පාවෙන් බලා සිටින අතර ඇයට දොස් නගන්නට වූවාය.. 


 "නෑ නෑ කාටවත් දොස් කියන්න එපා මගේ වැරැද්දනේ.. "


මම අපහසුවෙන් වූවත් හඬින් කීවෙමි..


 "දැන් ඔයා අයියව එක්ක යන්න බෙහෙත් දමන්න.."


 ඇයගේ යෙහෙලියන් දෙදෙනකුද මේ අවස්ථාවේ ඇයගේ සහායට පැමිනි අතර.. සැමගේම අදහස වූයේ අසල වූ වෛද්‍ය මධ්‍යස්ථානයට යන ලෙසය... එක් යෙහෙලියක් මගෙ ලැප බෑගය ගත් අතර.. ඇය මගේ එක බාහුවකින් අල්ල ගෙන ඇයට වාරු කර ගත්තෙ මමද ඇයගේ බඳ වටා අතක් දමා වාරුවී කකුලද කොර ගසමින් බසයෙන් බැස ගතිමි. බසයේ සිටින සෑම දෙනාගේම ඇස් අප වෙත යොමු වී ඇති ආකාරයත් මම ඇස් කොනකින් දුටු නමුත් එය නොදුටුවා සේ සිටියෙමි. මට ප්‍රහාර එල්ල කල තිදෙනා ගල් උඩ පැහැරූ බළලුන් තිදෙනෙකු සේ සිටිනු මම දුටු නිසාම ඔවුන් දෙසා මා නෙත් යොමු කල නිහඬව කියා පෑවේ මා ඔවුන් සිතේ සටහන් කර ගත් බවයි.


ළඟම වූ බෙහෙත් ශාලාවෙන් බෙහෙත් දමා ගත් විට වෛද්‍යවරයා පැවසූයේ දන්ත සායනයකට ගොස් දත් පරීක්ශාවක් අත්‍යාවශ්‍ය බවයි. ඇය යෙහෙලියන් දෙදෙනා සමඟ මගේ අකමැත්ත මධ්යයේම බිල ගෙවා දමා..


"දැන් මොකද කරන්නෙ අයියෙ ? මෙහෙම ඔෆිස් යන්න බැහැනෙ.. ශර්ට් එක පුරාම ලේ.."


"නන්ගි මෙන්න මේ විසිටින් කාර්ඩ් එකේ මගෙ ඔෆිස් එකේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා කතා කරලා කියන්න මම අද ඔෆිස් එන්නෙ නැහැ කියලා."


"ආ දෙන්න අයියෙ .."


ඇය ඇගේම ෆෝන් එකෙන් කෝල් එක ගෙන කාර්යාලයට පැවසූයේ බස් රතයේදී හදිසියේ ගැසූ බ්‍රේක් පහරක් නිසා මුහුන තුවාල වූ මා අද දින ඔෆිස් නොඑන  බවයි.


"මම යනවා නන්ගි එහෙනම්"


"අනේ ඉන්න අයියෙ අපි අයියව ගෙදරට එක්ක යන්නම් කැබ් එකකින්"


"එපා නන්ගි මන් ත්‍රී වීල් එකක යන්නම්"


මට මැවී පෙනුනේ මගේ කාමරයේ තැන ගොඩ ගැසූ ඩීවීඩී , පොත් පත්තර සහ කියවූ සඟරා රාශියයි. ගෑනු ලමයෙක් තියා පිරිමි කෙනෙක් වත් ඒ කාමරයට යන්න ඉස්සෙල්ලා සෑහෙන්න සුද්ද කරන්න වෙනවා..

"පොඩ්ඩක් ඉන්න අයියා ඔහොමම අපි ත්‍රී වීල් එකක් අරන් එන්නම්"


තිදෙනාම මා බෙහෙත් ශාලාවේම හිඳුවා එලියට ගියේය.. ඔය අතරේ මා දුන් මගේ විසිටින් කාර්ඩ් එක ඇයගේ කුඩා පර්ස් එක තුල බහා ගන්නවා දුටුවත් නොදැක්කාක් මෙන් සිටියෙමි.. මොහොතකින් ෆෙයාර් කැබ් එකක් මා ඉදිරිපිට


"මෙන්න අයියෙ ෆාර්මසියෙන් ගන්න කිව්ව ටැබ්ලට්ස් ටික
මේ බෑග් එකේ තියෙනවා යෝගර්ට්, බනිස් එක්ක කිරි පැකට් වගයක් ඩොක්ටර් කිව්වනෙ මොනවාවත් කන්න එපා කියලා.. "


විශාල ශොපින් බෑග් එකක් මා අත තැබූ තිදෙනා..


"අනේ අයියෙ මට සමාවෙන්න ..මගේ වැරැද්ද.."


ඇය මගේ සුරතින් අල්ලා ගෙන මගේ දෑසට එබෙයි.
මුහුණට මඳ සිනහවක් මවා ගත් මා 


"කමක් නැහැ නන්ගි මගේ නරක වෙලාවට ඒ කැරපොත්තා මගේ බෑග් එකට රින්ගා ගෙන තිබුනෙ.. එහෙනම් නන්ගිලා යන්න
අපි යමු මල්ලි කිරු...  ට"


 ත්‍රී රෝද රථය නොපෙනී යන තෙක්ම ඇය එදෙස බලා සිටි බව මා දුටුවේ ත්‍රී රෝද රථයේ පැති කණ්නාඩියෙනි..


"මොකද වුනේ සර්?"


"පොඩි ඇක්සිඩන්ට් එකක් මම වැටුනා"


ගමනාන්තයට පැමිණි මා.. 


"කීයද මල්ලි ගාන ?"


"සර් අර නෝනලා සල්ලි දුන්න රු.500ක් ගාන 200යි. මෙන්න ඉතුරු 300."


කාමරයට පැමිණ පිරීක්සීමේදී මට පෙනී ගියේ සිතූ තරම් මහා ලොකු තුවාලයක් නොමැති බවත් සහ දත් වලට කිසිම හානියක් නොමැති නමුත් වම් කම්මුලේ පමණක් ජීවිතාන්තය දක්වාම තිබිය හැකි තරමේ කැළලක් ඉතිරි වේයැයි සිතිය හැකි තුවාලයක් පමණක් ඇති බවයි.


ඊයේ සිදු වූ මෙම සිද්ධියේ සිට අද මේ දක්වාම දේශිනී නගා ගෙන් දුරකතන ඇමතුම් 9ක් ලැබුනු අතර ඒ සියල්ල තුලදීම ඇය සිද්ධිය මතක් කර හඬා වැටුනු අයුරු මටද වාවන්නේ නැත.


ගෙනා අළුතම වාගේ තිබු මෝර්ටීන් ස්ප්‍රේ එක මේ මොහොතේදී කුණු ලොරියේ මුල්ලක සැඟවී තිබෙන්නට පුළුවන...




ප.ලි. මෙය සත්‍ය සිදුවීමක මූල බීජ ගෙන කරන ලද ප්‍රබන්ධාත්මක නිර්මාණයක් බව සලකන්න. සරලව කිව්වොත් ටිකක් ඇත්ත, ඩෙකරේට් කරල ගත්ත නිසා 50% ඇත්ත. ප.ලි ලිව්වෙ පෙ.ව 9.00 ට



Monday, October 17, 2011

කොහොම කිව්වත් පිළිගන්න අකමැති දේවල් !

සමහර දේවල් තියෙනවා... සමහර අය ඉන්නවා අපි කැමති නැහැ ඒ දේවල් සහ අය අපිව අත ඇරලා ගියත් ඒක පිළි ගන්න !!!


නෑ එහෙම දෙයක් වුනේ නැහැ කියල හිතන්න තමයි අපි කැමති !!


රූපවාහිනිය ආපුම කාලෙ සහ රූපවාහිනී කාල පරාසය සවස 4.30 සිට රාත්‍රී 10 පමණ වෙන කාලයක බොහෝම පොඩි උන් වන අපේ ලෝකය පැහැර ගෙන ගොස් අපිව හොඳ මගකට ගෙන යන්න ඕනි උපදෙස් රාශියක් එක්ක අපි ළඟට ආපු "දොස්තර හොඳ හිත" ගෙ ඉඳන්...ඔහු කල නිර්මාණ ගොන්න !!!


අපිව මහා සිනා සාගරයකට අරන් යන ගමන්ම ඒක ඇතුලෙන් අපිට කියා දුන්න යහගුණ..


මේ කර්තව්‍යය පිටිපස්සෙ හිටිය මහා දැවැන්තයා !


හිතන්න කැමති නැහැ ටයි අංකල් මෙලොව හැර ගිහින් කියලා !
ඒත් ..






නිවන් සුව පතමි මමත් මේ ලෙස !

Wednesday, October 12, 2011

පැනපු කොටුවක්ද ඔය ප්‍රසිද්ධියේම එල්ලගෙන ඉන්නෙ? ( About QR codes)

පැනපු කොටුවක්ද ඔය ප්‍රසිද්ධියේම එල්ලගෙන ඉන්නෙ?


 කියල මගෙන් ඇහුවෙ මගේ හොඳම යාළුවෙක්. මේ ඊයේ පෙරේදා මගෙ බ්ලොග් එකේ අමුතුවෙන් දමලා තියෙන කොටුව සහ ඒ එක්ක මොනවද ඇනොනිමස් කතාවක් දමල තියෙන එක දැකලයි. ඒක කිව්
 ආර් කෝඩ් එකක් (QR Code -Quick Response Code)..අයිටී ෆීල්ඩ් එකේ අය නම් දන්නව වුණත් මේ ගැන..අද පොඩ්ඩක් කියන්න යන්නෙ මේ ගැන තමයි. හැබැයි මමත් කිව් ආර් කෝඩ් ගැන අහල කියවල තිබ්බත් ඒක ලංකාවෙ පාවිච්චි කරනව දැකල තිබුණෙ නැහැ..පහුගිය සති අන්තයේ තිබුණු ටෙක්නෝ ප්‍රදර්ශනයේ මොබිටෙල් ස්ටෝල් එකට යනකම්ම.
ඒ ගොල්ලො මේ තාක්ෂණය පාවිච්චි කරල තිබුණෙ මෑතදීම ඒ අය හඳුන්වා දෙන්න යන වර්චුවල් මාර්කටින් (Virtual Marketing) කියන සංකල්පයක් එක්කයි. ඒ කියන්නෙ අතත්‍ය අලෙවිකරණ උපක්‍රමයක් විදියට. සරලව කිව්වොත් දැන් තියෙනවට වඩා ලේසියෙන් බඩු ගන්න ක්‍රමයක් විදියට. දැන් අපි කරන්නෙ කඩේට ගියා බඩු තේරුවා සල්ලි දුන්න බඩු ටික ගෙදරට අරන් ආවා ඒකනෙ. මේ ක්‍රමයෙදි.. ජනාකීර්ණ ස්ථාන වල අපි කියමුකො බස් ස්ටෑන්ඩ් එක කියලා.. එතන තියෙනවා ඔය පිංතූරෙ තියෙනවා වගේ ඩිස්ප්ලේ බෝර්ඩ් එකක් ..






 ඔය කියන කෝඩ් එක තියෙනවා ඒ හැම භාණ්ඩයක් ළඟම.. අපිට අවශ්‍ය භාණ්ඩ තෝරලා, අපි ළඟ තියෙන ෆෝන් එකෙන්.. ආ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕනි..ඇයි දෙවියනෙ දැන් කවුරු ළඟද නැත්තෙ ඔය  ඇන්ඩ්‍රොයිඩ් දුවන ෆෝන් එකක්.. දැන් ඒ ෆෝන්  අඩු ගණනට ගන්න තියෙන නිසා අපි උපකල්පනය කරමුකො එහෙම ෆෝන් හැමෝම ළඟ තියෙනවා කියල. නැත්නම් ඊළඟට ගන්න ෆෝන් එක රු15,000 ක රු.20,000 ක එකක් වෙනකොට ඒක ඔය ඇන්ඩ්‍රොයිඩ් වගෙ මෙහෙයුම් පද්ධතියක් තියෙන ෆෝන් එකක් වේවි අනිවා !  ඒ ෆෝන් එකේ කෝඩ් රීඩ් කරන්න තියෙන ඇප් එකෙන් තමන්ට අවශ්‍ය කරන බඩු ටික ස්කෑන් කරලා තෝරා ගෙන බඩු මල්ලට දමලා චෙකින් කරන්න තියෙන්නෙ.. අපි බස් එකේ හරි කෝච්චියෙ හරි ගෙදරට යනකොට බඩු මල්ල ගෙදරට ඩිලිවරි කරනවලු. බඩු වල මිල ෆෝන් බිලට එකතු වෙලා එනවලු. හරි දැන් ඔය ගොල්ලො ළඟ තියෙන ෆෝන් වල ඇප් ස්ටොර් එකට ගිහින් QR Reader  කියල ටයිප් කරල හොයා බලන්න තියෙන කෝඩ් රීඩ් කරන ඇප් එක.. එහෙම කරලා ඒක ඩවුන්ලෝඩ් කරල තියා ගන්න. ඉස්සරහදි ප්‍රයෝජනවත් වෙවි.


මේක ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔහොමලු අක්කෙ පුල්මුඩෙ තත්වෙ !


මමත් ප්‍රදර්ශන කුටියෙදි මේක ට්‍රයි කරලා නොමිලේම ඩියෝඩරන්ට් එකක් දිනා ගත්ත. ටී එකක් බිව්ව.. ඒකෙ නම් ගාන බිලට එකතු වෙලා එයිද කියල සැකයක් තියේ.. ඉතින් ඔහොම පුබුදු වෙච්ච මල.. මමත් කාලෙකට ඉස්සෙල්ල කියවල තිබ්බ මේ තාක්ෂණෙ ගැන හොයල බලන්න ගූගල් එකෙන් කියවල බැලුව මේ ගැන. බටහිර රටවල නම් මේ ක්‍රමය බොහෝ දේවල් වලට පාවිච්චි කරනව කියලත් තියේ.. මේක 1994 දි ටොයෝටා සමාගමේ උප සමාගමක් වුණ ඩෙන්සො තමයි ඒ ගොල්ලන්ගෙ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියෙදි පාවිච්චිකරල තියෙන්නෙ. ජපන් වැඩක් තමයි. නමුත් ක්ෂණිකව කියවීමේ පහසුව සහ දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තැබීමේ පහසුව නිසා මෙය විශාල වශයෙන් ජනප්‍රිය වෙමින් පවතිනව කියලයිකියන්නෙ. 
ඕනිම කෙනෙකුට මේ කෝඩ් එකක් හදා ගත්තහැකි. ඔය පහල තියෙන වෙබ් සයිට් දෙකෙන්ම මේ වැඩේ කලහැකි. 


http://zxing.appspot.com/generator/
http://qrcode.kaywa.com/  


ඒ සයිට් එකකින් මන් හදා ගත්ත මගේ විස්තර තියෙන කෝඩ් එක තමයි ඔය උඩ දමල තියෙන්නෙ. හැබැයි මන් තවම දැක්කෙ නැහැ  මේ විදියට කවුරුවත්  කෝඩ් එක වෙබ් සයිට් එකක පාවිච්චි කරල තියෙනවා. හැබැයි බොහෝ තැන් වල විසිටින්ග් කාර්ඩ් වල මේක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගෙම ටී ශර්ට් එකක වගෙ ප්‍රින්ට් කර ගන්නත් පුලුවන්. දැන් ඔය ටී ශර්ට් වල ගහ ගෙන ඉන්න එවායෙ හැටියට මේක ප්‍රයෝජනවත් වෙයි. එහෙම නිර්මානය කරන කෝඩ් එකකට මෙන්න මේ වගෙ විස්තර දමන්න පුලුවන්.


calandar event
contact information
email address
geo location 
email address
telephone number
sms 
text
url
wifi network details
බලමු මේ තාක්ශනය කොච්චර දුර යයිද කියල.. 


හැබැයි කෝඩ් එක හරහා එන්නෙ වෙබ් සයිට් එකක් නම් ඒ වෙබ් සයිට් එක හරහා වයිරස් හෝ යම් හානිකර අඩවි වලට   යාමේ අවදානම් තත්වයක් වීමට ඇති බවද සඳහන් වන නිසා එවන් අවස්ථා ගැන සැලකිලිමත් වීම නම් බෙහෙවින් වැදගත්ය. 



"හොඳයි, ඔය සේරම හරියි කියමුකො.. මොකටද QR කෝඩ් එකක් බ්ලොග් එකට? ඕක හැමෝටම කියවන්නත් බැහැ. අනික ඔය බ්ලොග් එක කියවන යාළුවො සේරම වගේ එෆ්බී එකෙත් යාළුවො නේද?එතකොට ලියන්නාගෙ විස්තර දන්නවනෙ ඔය කෝඩ් එක නැතුවට "


මගේ අතීසාර මිත්‍රයා ආයිමත් හඬ අවදි කලා. අර හෙලිබැල්ලෙන් මිදුලෙ වැලි සෙල්ලම් කර කර හිටපු කෙලි පොඩිත්ත කොල්ලගෙන් අහපු ප්‍රශ්නෙදි වගේම මටත් කට උත්තර නැති උනා. ඇඟිල්ල ගහගෙන කල්පනා කරපු මම,


ඒක තියෙන්නෙ ඉට්ටැයිල් එකටනෙ !

ප.ලි. - 

ගිනි කුරුල්ලා said...

ස්මාර්ට් ෆෝන් වල විතරමත් නෙවෙයි. ජාවා තියෙන ගොඩක් ෆෝන්ස් වලට QR රීඩර්ස් හදලා තියෙනවා.. ඒත් ස්මාර්ට් ෆෝන් එකකින් කෝඩ් එක රීඩ් කරන්න ලේසියි...

Tuesday, October 11, 2011

වැඩේ ගැස්සිලා මාස 3යි. පරක්කුයි ඇබෝට් කරන්න...





දැනට මාස තුනකට උඩදි. අද වගේම දවසක්.එදා දවසම වැහි බිරම් වෙලා තිබ්බෙ.. අහස දම් පාටවෙලා.. සැරි සැරේ මුළු ඇඟම හිරිගඩු පිපෙන හීතලක් එක්ක එන සුළඟ..ජීවිතේත් ටිකක් මලානික වෙලා..කම්මැලිකමෙන් පිරිලා තියෙන මොහොතක මට හිති හිතී තිබ්බෙ මොනවම හරි අළුත් දෙයක් පටන් ගන්න ඕනි කියලමයි.. කරන්න ඕනි දේ ගැන කාලයක් තිස්සෙම සිහින මව මවා තිබුනත්.. ඒ හැම සොඳුරු හීනෙම හිටිය මගේ වස්තු බීජය.. කවදා මා අත පත් වෙයිද කියලයි මම පෙරුම් පුර පුරා හිටියෙ. පෙරුම් පිරුවට ඒක ලඟා කර ගන්න ගත්ත උත්සාහයන් නම් මුකුත් තිබුනෙ නැහැ.

මුළු දවසම මහා කෙඩෙත්තු ගතියකින් ගෙවිලා යද්දි..හවස් ජාමේ යාළුවෙක් එක්ක සෙට් වෙලා පොඩියට වගේ තේ එකක් පානය කලා.. ඒකෙන් නම් හිත ගත දෙකම උණුසුම් වුනා.. හිත දොඩමලු වෙන්න පටන් ගත්තෙ මුළු දවසෙම තිබ්බ පාළු ගතිය කොහේදෝ ගිහින් වගේ..ඔව් මේකෙ දෙකෙන් එකක් අද නම් ඉවර කරනවාමයි. කියන සිතුවිල්ල හිතේ පැලපදියම් උනා..ඉවසුවා ඇති.. කී සැරයක් නම් මේ ජීවිත කාලෙදි මම මේක කරන්න උත්සාහ කලාද? යම් දුරකට ගියත් ..ආයිමත් ඉතුරු උනෙ පසුතැවිල්ල සහ විරහ වේදනාව විතරයි. යම් දීර්ග කාලීන බැඳීමක් සහිත ජීවිතයකට යා යුතුමයි. මෙච්චර කල් එහෙම එකක් කර ගන්න බැරි උනේ ඇයි ? හා හා පුරා කියල පටන් ගන්නව.. මහා හීන ගොඩාක් එක්ක ජීවත් වෙනව.. ඊට පස්සෙ යථාර්තය දකින කොට.. කෝ අර මුලින් තිබුනු උනන්දුව, ආශාව සහ බලාපොරොත්තු ? එව්ව දිය වෙලා යනව ටිකෙන් ටික.. 


නැහැ මොනව හරි කරලා මේක මගේම කර ගන්න ඕනි.. එතකොට කාලයක් ගිහින් අත හරින්න ඕනි නැහැනෙ.. අද රෑ තමයි මේකට හොඳම රෑ..


එහෙම කියල හිතලා මම ගියා මගේ පුන්චි කාමරේට..ගිහින් කොල ටිකක් අරගෙන ප්ලෑන් කලා මොනවද ලියන්නෙ ? කින්ද මන්ද කියලා.. හරියටම අදට මාස තුනකට ඉස්සෙල්ල.. අද වගේ දවසක..මම මගේ බ්ලොග් එක පටන් ගත්තා..


අදට මාස තුනයි.. තවමත් බ්ලොග් ලෝකෙට මම සහ මගේ බ්ලොග් එක දනගාන වයසෙ පොඩි එකෙක්.. ෆලෝවර්ස්ල අනූ හයක්   ඉන්නව. හිට්ස්  දහසය දහස් එකසිය ගනනක්  තියෙනව.. ඒ එක්කම මට ලං වෙච්ච මිතුරො ගනන සහ ඔවුන්ගෙ වටිනාකම් මිල කල නොහැකියි. මුලින් හිතුනෙ මගෙ බ්ලොග් එක අවුරුද්දක් විතර යනකොට මේ තත්වෙට එයි කියලයි. ඒත්.. අද තියෙන තත්වෙ බැලුවහම මට හරිම සතුටක් දැනෙනව..අහින්සක පුංචි සතුටක්..ඒ සතුට වැඩිවෙන හැම හිට් එකකින්ම සහ එකතුවෙන හැම කමෙන්ට් එකකින්ම.. දෙගුන තෙගුන වෙනවා ! බ්ලොග් එක ලියන කොට හිට්ස් සහ කමෙන්ට් බලා ගෙන නෙවෙයි ලියන්න ඕනි.. සහතික ඇත්ත..ඒත් ..
මූනු පොත හරහා, අන්තිම පේළිය හරහා, බ්ලොග් හරහා, බස් රේඩියෝ එක හරහා සහ බස් හරහා එකට සෙට් වෙන සහෘදයන් පිරිස.. 


ඉතින් මන් ලෑස්ති නැහැ..මේ පෝස්ට් එකෙන් මාත් එක්ක හිටි හැමෝටම ස්තූතියි කියන්න නම්.. නැහැ.. මම හොයනවා ඔය ස්තූතියි කියන අකුරු හතරට වඩා දිගම දිග වචනයක් ඒ කෘතඥතාවය පල කරන්න.අපිට අපේ හිත ඇතුලෙ තියෙන දේවල් වචන වලට පෙරලන්න භාෂාව ප්‍රමාණවත් මදි කියන එකයි මගේ හැඟීම..ආන්න ඒ වගේ කෘතඥපූර්වක හැඟීමක් තමයි මගේ හිත ඇතුලෙ තියෙන්නෙ මේ මොහොතේ..මගෙ බ්ලොග් එකට ආපු , කියවපු, කමෙන්ට් කරපු හැමෝම එක්ක වගේ..
මුලින් පටන් ගන්නකොට හිතුවෙ නම් මේක මහා දිග කාලයක් ලියන්නෙ නැහැ..එච්චර ලියන්න දේවල් ඇත්තෙත් නැහැ කියන හැඟීම තමයි. නමුත් මේ වෙනකොට හිතා ගන්න බැරි තරම් දිග කාලයක් ලියන්න ඕනි සහ ලියන්න එකතු වෙන කරුණු කාරණා ගොන්න පෙනෙන කොට මටම මහා විශ්මයක් දැනෙනවා!


මේක වෙන්න ඇති පොතක්, පතක්, ලිපියක්, පද්‍ය නිර්මානයක් හෝ මොන යම් දෙයක් හෝ ඉදිරිපත් කරන කෙනෙකුට දැනෙන සතුට .. 
ඒ සතුට එහෙමම තියා ගෙන මම මේ සැරසෙන්නෙ මේ ලිපිය ඔබ හැමෝටම උපහාරයක් වෙන විදියට විවෘත කර තබලා ඊළඟ ලිපිය ලියන්න සූදානම් වෙන්න !


ජීවයක් පිළිසිඳ ගැනුනා ඕන්න ඔය වගේ..මම ඒක දැන් රැක ගන්නවා... මොහොතින් මොහොත, දවසින් දවස, අවුරුද්දෙන් අවුරුද්ද.. 

Saturday, October 8, 2011

මගේ පුංචි රෝස මලේ ඕනිවට වඩා ඇහුවද ?

මෙම ජායාරූපය මා ගත්තේ මා දිනපතා යන බස් රථයේ වාඩිවී අසල වූ කවුළුවකිනි. මෙම ජායාරූපය නිසා වචන දහසක් පමන ඉතිරි කර ගත  හැක. 






මෙම ජායාරූපයේ සිටින කවුදැයි නොදන්නා පුද්ගලයා මෙන් මමද බස් රථයක් එනතුරු හෝ පැමිණ නවතා ඇති බස් රථය සෙනඟ පිරී ඇත්නම් ඊළඟ බස් රථය එනතුරු මෙම ස්ථානයේ මෙලෙසම  පොරොත්තුවෙන් සිටින්නට පුරුදු වී තිබිනි.


මෙම දිනයේත් එය එසේම සිදුවිය. මා එතනට පැමිනෙන විටත් බසයක් නවතා, අනික් බසය එනතෙක් ඇන්ජිම සැර දමමින් තිබුනි. කාර්‍යාලයට යාමට තවමත් කාලය තිබෙන නිසාත්, අසුනක වාඩිවී යාමේ අවශ්‍යතාවය නිසාත්, මම ඊ ළඟ බසය එනතෙක් මගෙ සුපුරුදු ස්ථානයට වී සිටියෙමි. 
බස් රථයේ ඔය මම ෆොටෝ එක ගත්ත සීට් එකේම ඉඳගෙන හිටිය සුන්දර යුවතියන් හතර දෙනෙක් මා දෙස ඉමහත් උනන්දුවෙන් බලා සිටි ආකාරය මා නෙත ගැටුනෙ ඉබේටමය..ඔවුන් ඉතාමත් උනන්දුවෙන් මා දෙස බලා සිටී. 


හ්ම්ම්ම්...


මමද නැවත වරක් ඔවුන් දෙස බැලුවේ සයිබර් අවකාශයේ ජායාරූපවලින් පමනක් වත් දැන හැඳින ගත් අයවත්දෝ යි යන සැකය මතය. මතකය පීරා බැලූවද මෙවන් මුහුනු කීපයක් කෙසේවත් මතකයට නගා ගත නොහැක.


ඕනි එකක් කියා මම ඔවුන් සමග සිනා සුනෙමි. එකියක් පමනක් සිනාසී මොනවාද කුටු කුටු ගා අනිත් තිදෙනා සමඟ සිනාසෙන්නට විය. සුවර් එකටම යාලුවන්ගෙ යාලුවො වෙන්න ඇති. නැත්නම් මන් දිහා බලන්නෙ මක්කටැයි කියා සිතමින් උන් මා ගැස්සී ගියේ ඔවුන් හතර දෙනා ක්ශනයකින් බස් රතයෙන් බැස මා දෙසට පිය මනින්නට වූ නිසාය.


ඈ ! මොන මගුලක්ද මේ ?! පහුගිය කාලෙ ගාපු ෆෙයාර්නස් ක්‍රීම් වැඩ කරලවද්ද නැත්නම් අර මගේ පුන්චි රෝස මලේ සින්දුව ඕනිවට වඩා බොක්කෙන්ම අහල ඔලුව නරක් කර ගෙනවද්ද .. මගේ සිතද සලිතය. කිචි බිචි ගාමින් සොඳුරු යුවතියන් දෙදෙනා මා අසලටම පැමිණෙයි.. සසල වූ සිතින් මා රැකෙම්වා මියෙම්වා කියා හිතට ධෛර්යය ගෙන බලා සිටිමි. මා ළඟටම පැමිනි එක යුවතියක් 


"අංකල් පොඩ්ඩක් එහාට වෙනවද ? අපිට ඔය පිටිපස්සෙ ශෝකේස් එකේ තියෙන ගිෆ්ට් එක බලා ගන්න"


"තෑන්ක්ස් අංකල්"


තත්පර දහයක් පහලවක් තුල ගොඩනැගී තිබු මාලිගා සියල්ලම බිම පතිත වී සුනු විසුනු වී යද්දී..
හෆොයි මට වෙච්ච දෙයක්.. මේ ලමයි ටික මන් දිහා නෙවෙයි බලල තියෙන්නෙ.. මට කවර් වෙලා තිබිච්ච ශෝකේස් එක දිහාව තමයි..මම හිතපු එව්ව මම විතරක් දැනන් උන්න එක කොච්චර වටිනවද..නැත්නම් ලැජ්ජාවෙ සන්තෝශෙ පන යනව ..
 ඒ එක්කම හොඳ වෙලාවට බස් එකක් ආවා.. මමත් ඉක්මනට නැගලා ගිහින් ඉඳ ගත්තා සුපුරුදු සීට් එකේ. ඉඳගෙන ඉඳන් වෙනදා වගේම එතන කහ ඉර පනින මිනිස්සු දිහා බලා හිටිය. මට ඉස්සරහ සීට් දෙකේ හිස් නිසා අර ගෑල්ලමයි සෙට් එක ඇවිත් ඉඳ ගත්තා. ආයිමත් කිචි බිචිය.. මම ඇහුන්කන් දුන්නා නෙවෙයි.. ඇහුනා.. 


"මොනවද බන් මම දැන් චත්තාගේ බර්ත්ඩේ එකට අරන් දෙන්නෙ?"


"ශර්ට් එකක් අරන් දීපන් බන්"


"වැඩක් නැහැ. මිනිහා මන් අරන් දෙන ශර්ට් වලට කැමති නැහැ."


"ඉතින් අර බලපු ස්ටැචූ එක අරන් දීපන්කො"


"ඒකත් වැඩක් නැහැ බන්"


"එහෙනම් අද්දන්න තිබිච්ච බස් එකෙන් බැස්සෙ ගම්මු කියලනෙ"


"ඒ හරියට දැක්කෙ නැහැනෙ..අර කවුද වයසක පොරක් එතන හිටගෙන හිටියනෙ..ඒ යකාට වැහිල තිබුනෙ"


"අපරාදෙ ඉස්සෙල්ල බස් එකේ ගියානම් වෙලාවට ක්ලාස් යන්න තිබුනා .දැන් බලහන් අදත් පරක්කුයි. නීතියක් දමන්න ඕනි බන් ගිෆ්ට් අයිතම් තියෙන සෝකේශ් ඉස්සරහ හිටගෙන ඉන්න තහනම් කරල"


මම ඉක්මනට දමාගෙන හිටපු සන්ග්ලාස් කූට්ටම ගලවල සාක්කුවෙ දමා ගත්තා.. වෙච්ච දේට මම තමයි එතන හිට ගෙන හිටියෙ කියල මේ සෙට් එකට මීටර් වුනොත් මට නෙලන්නත් ඉඩ තිබ්බ..


ඉන් පස්සෙ නම් මම ඔය කියන ශෝ කේස් එක ඉස්සරහ නෙවෙයි බස් එක එනකම් හිට ගෙන හිටියෙ.  මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි.. ඔය සුකුරුත්තන් තියෙන අල්මාරි ළඟ වල පයයි ගොඩ පයයි තියෙන අපි හිට ගෙන ඉන්න නාකයි ! ඕන්න කොල්ලන්ට නම් ඕක හොඳයි.. අඩු තරමින් ඔය සුකුරුත්තන් දිහා බලන කෙළි පොඩිත්තෙක්ගෙ ඇහැ ගැටුනොත් කාට කියන්නද !!!

Monday, October 3, 2011

ඒ වගේ කුපාඩියෙක් මේ කම්පැනියට ගන්න ???!!!

ඉගෙනීම් කටයුතු කීපයක් ඉවර වුනහම හැමෝම කරන දෙයක් තමයි ජොබ් හොයන එක. දන්න අඳුනන හැම දෙනාටම සීවී දෙනව..පත්තර ගැසට් කියවනව, ඇප්ලිකේශන් දමනව, ජොබ් එක්සෑම් ලියනව, ඉන්ටර්වීව් යනව..එක විකාරයයි,  හරි හමන් ජොබ් එකක් අහුවෙනකන්..

මටත් ඔහොම කාලයක් තිබුනා. අවසන් අවුරුද්දෙ රිසර්ච් එක කරන ගමන්ම අගනුවර තිබුනු රිසර්ච් කම්පැනියකට ජොයින් වෙලා සම්තිං එකක් හොයා ගත්ත. හොඳ ජොබක් ෆිට් වෙනකම් එතනම වැඩ කලා.

ඒ අතරෙ තමයි ජොබ් සෙවීමේ මහා සංග්රාමය එළඹුනෙ.. ගොඩාක් ඇප්ලිකේශන් දමන තැන් වලින් ඉන්ටවීව් නම් ආවා.. සමහර ජොබ් මට හරියන්නෙ නැහැ..ගොඩාක් ජොබ් වලට මාව හරියන්නෙ නැහැ..මහා මානසික පීඩන කාල සීමාවක්. මට ඔය එක්කම ආවා ඇස් ගැහීමේ ලෙඩක්. ඒ කියන්නෙ ගෑල්ලමයි දැක්කහම වල් කමට ගහන ඇස් ගැහිල්ල නෙවෙයි. මට කන්ට්රෝල් එකක් නැහැ. එක ඇහැකට නිකම්ම ඒක වෙනව..

ඕකටම තමයි ඇස් මස් නටනවා කියල කියන්නෙත් (Eye Twitching) . මානසික පීඩනය, ඇස් ඕනෑවට වඩා වෙහෙසවීම, වියලි ඇස්, ඇලර්ජික් , කෝපි, මත්පැන් වගේ හේතු නිසා ඔය තත්වය ඇතිවෙනවා කියලයි ඩොක්ටර්ස්ලා කියන්නෙ. මමත් ඩොක්ටර් හම්බ උනහම කිව්වෙ ඔය හේතුවලින් එකක් තමයි. එහෙම කියල පිරිටන් ගන්න කිව්ව ඇලජික් වලට..ඇත්තටම පිරිටන් වැඩේ හරි ගියා ටක් ගාලා. ඇස් ගහන්න පටන් ගත්තහම ටුක් ගාලා පිරිටන් එකක් ගත්තහම හරි ගියා.. ඒ කියන්නෙ මට තිබිලා තියෙන්නෙ ඇලර්ජික් එකක් වෙන්න ඇති.. ඒ උනාට ඇස් ගැහීමේ ලෙඩේ නිට්ඨාවටම සනීප උනේ නම් නැහැ..ඕනිම වෙලාවක එන්න පුලුවන්.. ටික වෙලාවකින් නැතිවෙනවා. නැත්නම් පෙත්ත ගත්ත ගමන් ලෙඩේ ගොඩ !.

 ඉතිං මේ කියන දවසෙ දවල් 10 මට සම්මුඛ පරීක්ශණයක් ඇවිත් තිබුනා තරමක් ප්රසිද්ධ කම්පැනියකින්. මමත් බොහෝම බලාපොරොත්තු තියාගෙන හිටිය,ඒ වගේ තැනකට ජොයින් වෙන්න සහ ඒ අය බලාපොරොත්තු වෙච්ච සුදුසුකම් මට තිබුන නිසා. 

සම්මුඛ පරීක්ශන පෙර සුදානම ඉවරවෙලා මම 9 ට විතර ගෙදරින් පිටත් උනා. ටවුමෙදි  මගෙ ඇහේ ප්රොබ් එක එන සීන් එක දැනෙන්න ගත්ත නිසා ළඟම තිබුනු ෆාර්මසියට ගියා.. ඉල්ලුවා පිරිටන් පෙති ..එතන හිටිය කොල්ල කීයක්ද ඇහුවා..ඒ වෙනකොට මන් ළඟ තිබුනු ස්ටොක් එක ඉවරවෙලා නිසා පහක් විතර දෙන්න කියල ඉල්ලුවා.. කොල්ල ලාවට වගේ හිනා වෙලා බිල දුන්න..බිල ගෙවලා කවුන්ටරේට යනකොට මේකා අර බෙහෙත් පෙති දමන්න තියෙන සුදු කවරෙක දමලා මගේ අතට දුන්න. පෙති ටික අතට ගන්න කොටම තේරුනා.. වෙනදා දෙන ලූස් පෙති නෙවෙයි අද නම් පෙති කාර්ඩ් එකක් තමයි දීල තියෙන්නෙ කියලා. වෙන දවසක උනානම් ඉස්සර ලූස් ගත්ත පෙති දැන් කාර්ඩ් කරලා අපෙන් වැඩිය ගානක් ගන්න එක  ගැන කතා කරලම තමයි යන්නෙ.. මේ සම්මුඛ පරීක්ශන ගැන ඔලුව යොදා ගෙන ඉන්න අතරෙ මෙවා කතා කරන්නෙ ඕනි නැහැ කියල හිතලා එහෙම්මම පැකට් එක දමා ගත්තා සාක්කුවෙ ,මන් ගියා පොට් එකට.

එතන ඇවිත් හිටපු සෙට් එක එක්ක ටෝකක් දමාගෙන හිටියා මගේ වෙලාව එනකම්..එතකොට ඔය සම්මුඛ පරීක්ශනයට මුහුන දෙන්න ඕනි ගට නිකම්ම එනවා..ඇයි සෙට් එක එක්කම හිනා වෙලා කතා කරල ගියහම ප්ලේස් එක ටිකක් හුරුපුරුදු ගතියක් තියෙනව දැනෙනවනෙ. ඉතිං මගේ චාන්ස් එකේදි මම සාර්ථකව මූණ දුන්න ඉන්ටර්වීව් බෝර්ඩ් එකත් මගේ කොලොෆිකේශන් ගැන සතුටු බව පෙන්නුවා. 80%ක් ඉවර වෙච්ච ඉන්ටර්වීව් එකේ අන්තිම හරියේදි වගේ මගෙන් අහපු ප්රශ්නෙ උනේ මම දැනටමත් වැඩ කරන තැන ඉඳලා ඇයි අස් වෙලා මෙතනට එන්න හිතන්නෙ ? සහ එතන තියෙන ඉහල යාමේ අවස්ථා එක්ක මේ ජොබ් එක සසඳන්නෙ කොහොමද කියලා.. තරමක උපක්රමශීලි ප්රශ්ණයක් මමත් කල්පනා කර කර බොහෝම සීරුවෙන් උත්තර දෙන අතරේ මට තේරුනා..මගේ ඇහේ වෙනසක් වෙනවා..

චික් ! මේ වෙලාවෙම !? 

මම උත්තරේ දීල ඉවර වෙනව එක්කම බෝර්ඩ් එක දැක්ක මගේ වෙනස.. 

"මිස්ටර් ලියන්න ඕක දිග කාලෙක ඉඳලම තියෙන ප්රශ්ණයක්ද ?"

අමාරුකාර වයසක ගොයියා ඇදලා ගත්තෙ නැද්ද ප්රශ්නෙ

"නැහැ සර් මේක කෙටිකාලීන ප්රශ්නයක් ඇලර්ජික් එකක් නිසා එන්නෙ. පිරිටන් එකක් බීපු ගමන්ම හරි යනවා"

මගේ උත්තරේ සැටිස් නැහැ වගෙ..චික් අර එලියේ කයිය ගහ ගහා ඉන්න වෙලාවෙ මට තිබුනේ පෙත්ත බොන්න. 

"ඇත්තටම.. ඉතිං අද බිව්වෙ නැද්ද පිරිටන් පෙත්තක් ?"

හැමවෙලාවෙම සැහැල්ලු ප්රශ්න අහමින් හිටි තරුණ වියේ සිටි කාන්තාව මගෙන් ඇහුවා.

නැහැ මැඩම් අවශ්ය වෙලාවට විතරයි ගන්නෙ."

"හරි දැන් ඉතිං අවශ්ය වෙලාවනේ"

ආයිමත් මේ අමාරුකාරයා..

ඉන්න සර් මන් ළන්ග තියෙනවා ටැබ්ලට්ස්."

මේක මහ ලොකු ප්රශ්නයක් නෙවෙයි සහ මගේ පෙර සූදානම ගැන ඔප්පු කරන්න මේක චාන්ස් එකක් කර ගන්න හොඳම වෙලාවඉන්ටර්වීව් බෝඩ් එකේ හිටිය වෙන සර් කෙනෙක් වතුර වීදුරුවක් ළං කලා මම ළඟට.. මම ඉඳගෙන ඉන්න ගමන්ම පොඩ්ඩක් පැත්තකට කකුල උස්සල ඇදල ගත්ත මගෙ එනකොට ගත්ත උණු උණු ටැබ්ලට්ස් පැකට් එක. බෝඩ් එකේ මෙම්බර්ස්ලා සේරම මන් දිහා බලා ඉන්නව ඊළඟ මැජික් ට්රික් එක පෙන්නන කන් මැජික්කාරයා දිහා බලා ඉන්න ළමයි සෙට් එකක් වගේ..මමත් පැකට් එකේ කට පලල් කරලා අනිත් අතේ අල්ලට දමා ගත්තා ටැබ්ලට්ස් කාඩ් එක..

ඈහ්...



 මම මගේ අතේ තියෙන පැකට් එක දිහා බලනවා ..

ඉන්ටවීව් මෙම්බර්ස්ලගෙ මූන දිහා බලනවා!

 මෙම්බර්ස්ලා මගෙ අතේ තියෙන පැකට් එක දිහා බලනවා ..

 මගේ මූණ දිහා බලනව..!

අනිත් අතේ තිබුනු  කඩදාසි පැකට් එකෙන් තව පැක් දෙකක් තඩ් ගාලා මේසෙ උඩට වැටුනා.

මට තවමත් මතක නැහැ මේ සිද්ධිය අතරේ මම ඒ මොහොතේම සිහි එලවා ගත්තෙ කොහොමද කියලා.. එතන ඉඳන් මට මතක හරියට ස්ලෝ මෝශන් ෆිල්ම් එකක සීන් ටිකක් වගෙයි. මගේ සර්ටිෆිකේට් තිබුනු ෆයිල් එක බල බලා හිටිය ලේඩි බොස් ඒක මම ගාවට තල්ලු කලා.. අර වයසක අමාරුකාරයා..

"හොඳයි මිස්ටර් ලියන්නා.. අපි ටික දවසකින් දන්වන්නම් .. බොහෝම ස්තූතියි ආවාට..එහා පැත්තෙ කාමරේ අපි පොඩි සංග්රහයක් ලෑස්ති .."

කියලා එතනින් වාක්‍යය නැවැත්තුවා.. ඒ කාමරේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඉස්සෙල්ල ඉන්ටර්වීව් එක ඉවර කරපු අයට සංග්‍රහ කරනව.

මම මතක නැහැ.. පැක් ටික ආයිමත් කොහොමද මගේ සාක්කුවට ආවෙ කියලා.. මම ගත්තා සහතික ෆයිල් එක.. සාමාන්යයෙන් හැමෝටම ස්තූතියි කියන එක කල යුතුම දෙයක්..ඒක මන් අතින් උනෙ නැහැ..මට ඉන්ටර්වීව් බෝඩ් එකේ කාගේවත් මූණ බලන්න ශක්තියක් තිබුනෙ නැහැ..කමරේ දොර ඇරගෙන පිටත් වෙන්න හදනකොටම මට ඇහුනෙ අර වයසක අමාරුකාරයගෙ කටහඬ හෙමිහිට

 "පිස්සුද ඔය වගේ කුපාඩියෙක් මෙතෙන්ට ගන්න.. කොයි තරම් කොලිෆිකේශන් තිබුනත්" 

ඒක මට නෙවෙයි කිව්වෙ අනිත් සාමාජිකයින්ට

ඊට ඉස්සෙල්ලා ඉන්ටර්වීව් ඉවර වෙච්ච හැමෝම සංග්‍රහය භුක්ති විඳලා පොඩ්ඩක් වෙලා අනිත් අය එක්ක කතා කරලා ගියත්..මම කෙලින්ම විද්දෙ එලියට.. ඇවිත් ළඟ තියෙන හෝටලයකින් කූල් එකක් බීලා පොඩ්ඩක් ඉඳල කල්පනා කලා මොකද උනේ කියලා.. පැකට් ටික ආයිමත් හොරෙන් වගේ අරන් බැලුවා.. ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම්ම පහක්.. ජොබ් එක නම් ඉවරෙටම ඉවරයි..මේ ඉන්ටවීව් බෝඩ් එකේ ඉන්න සාමාජිකයෙක් ඉන්න මොනම ඉන්ටර්වීව් එකකින්වත් මන් ගොඩ යනවනම් බොරු ! මේ සේරටම වග කියන්න ඕනි අර පාහර ෆාර්මසියෙ කොල්ල... ඌ පිරිටන් කියල වැරදියට මට මෙව්ව දුන්නා.. සුවර් එකටම මෙව්ව ඉල්ලන්න ඇත්තෙ එතකොටත් එතන කවුන්ටරේ ළඟ හිටපු හයේ හතරෙ පොර වෙන්න ඇති..හුටාහ් ! දැන්  එතකොට මිනිහා ගෙනියන්න ඇත්තෙ මගේ පිරිටන් පෙති පහ.. දැන් ආපහු ඇවිත් ෆාර්මසි කොල්ලව මරයි ! 

මම ආපහු බෝර්ඩිමට එන්න බස් එකෙන් බැස්ස.. ෆාර්මසිය ළඟින්මයි යන්න තියෙන්නෙ..මම ගියා ෆාර්මසිය ඇතුලට.. කවුරුවත්ම නැහැ..කොල්ල ඉන්නවා..

"මල්ලි මේ බලන්න මන් උදේම ඔයාගෙන් පිරිටන් පෙති පහක් ඉල්ලුවා.. බලන්න ඔයා මොනවද මේ දීල තියෙන්නෙ කියල?"

මම තද වෙච්ච මූඩ් එකෙන්ම කිව්වා. මූ මගේ මූන දිහා බැලුවා.. පැකට් එක අතට අරන් ඇතුල බැලුවා.. පොඩ්ඩක්  කල්පනා කරලා .. හිනා වෙවී මෙහෙම කියපි

"ඔව් සර් පිරිටං පෙති පහක් ඉල්ලුවා තමයි.. මට මතකයි..ඇයි සර්  ඇහැක් ගැහුවෙ ! පිරිටන් හරි, පැනඩෝල් හරි, පැරසිටමෝල් හරි ඉල්ලලා ඇහැක් ගහන්නෙ සර් මෙව්ව ඉල්ලන අයනෙ.. ඉතින් මන් හිතුවෙත්.සර් ඉල්ලන්නෙත් මෙව්ව කියලයි... සර් මේ ටික ආපහු භාර දීල පිරිටං ගන්න ඕනිද? මම මාරුකරල දෙන්නම්"

"දෙනවා මෙන්න මෙහෙ ඔය ටික !"

මම ආයිමත් ඒ ටික සාක්කුවට ඔබා ගත්තා..