ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, November 28, 2012

පිස්සු හදන සඳ...




පෝය දවසට අනිත් දවසට වඩා අපේ හිතේ තියෙන රාග දෝෂ මෝහ සිතුවිලි වැඩි වෙනවාය..ඒ නිසාම සිල් අරගෙන පන්සලකට වෙලා සිත නිවා ගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලයි මට අද උදැහැනැක්කෙම ඇහුන බණ කතාවකින් කියවුනේ..

අපිත් මොනා හරි පිස්සු වැඩක් කලහම අද පෝයද බන්...ආහ් පෝය කිට්ටුයි කියලා කට්ටිය හිනා වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. මේ තත්වය වෙසක් වලට තවත් වැඩී..අපේ ගමේ හිටිය මැයි ආච්චි අවුරුද්දෙ අනිත් දවස් වල බොහෝම හොඳට හිටියත් මැයි මාසෙ වෙනකොට රෙද්ද කඩාගෙන ගම හැමතැනම දුවනවා...පෝය දිනයට බහුතරයකගෙ පිස්සු වැඩ වැඩි වෙනවා කියන එක එහෙනම් සාමාන්‍ය දෙයක්...

අදටත් ඔය බහුතරයකගෙන් එකෙක් වෙච්ච මට නම් මේක සාමාන්‍ය දෙයක්ම තමයි... 

මේක අද ඊයේ වෙච්ච දෙයක්ද ???

 නෑ පින්වතුනි..

අද 27 වෙනිදා වෙච්ච පෝය දවසෙ මට මතකයි අපි පොඩි දවස් වල ඉඳලම පෝය දවසට කරපු පිස්සු වැඩ..පිස්සු කීවට එව්වා නෝටි වැඩීද මන්දා... පෝය දවස නිසා මේවට තනිකරම අපිටම වැරැද්ද පටවන්න නම් එපා..පිස්සු හැදෙන සඳ නිසානෙ අපි මෙව්වා කරලා තියෙන්නෙ..
කාලය දශක 3කට පමණ පෙර...

නාහෙට නාහන සෙට් එකක් වෙලා හිටි අපි කට්ටිය.. 

එක පෝය දිනයක...

එක පෝයක හරකෙක් නිදහස් කරන්න ගමේම අයගෙන් සල්ලි එකතු කරපු ගමේ බෞද්ධ සමිතිය ඒ උතුම් කර්තව්‍ය යොදා ගෙන තිබ්බෙ ඒ පෝය දවසෙ..ගමේ මස් කඩයක් නොතිබිච්ච නිසා මේකට නිදහස් කර ගත්තෙ මස් කඩේට ගෙනියන හරකෙක් නම් නෙවෙයි. ළඟ හරක් පට්ටියක් අයිතිව තිබ්බ අපෙත් ඥාතියෙක් උනු අයියා කෙනෙක්ගෙ හරකෙක්ව තමයි....

ඒ කාලෙ පන්සල් වල ඉදිකිරීම් සහ අනිත් වැඩ වලට මුදල් එකතු කිරීමේ තිබ්බ හොඳම මාර්ගයක් වෙලා තිබ්බෙ සල්පිල් තමයි. ගමේම මිනිස්සු එක එක ජාතියෙ බඩු භාණ්ඩ පන්සලට ගෙනත් ඒවා සල්පිලේ විකුනලා තමයි සල්ලි එකතු කර ගන්නෙ...දැන් නම් මේ සල්පිල් ඇත්තේම නැති තරම්.. 

ඉතින් ඔය වගේ සල්පිල ඉවර වෙලා මල් වට්ටිය වෙන්දේසි කරලා තමයි ඔය හරකව නිදහස් කරන්න යොදා ගෙන තිබ්බෙ..

ඊට ඉස්සර දවසක ඔය හරකව අනේ හතර ගාතෙ බැඳලා දස වද දීලා "පින් ගොනා" කියලා කියලා හංවඩුව ගහන් එක දිහා අපි බලන් හිටියෙ නම් බෝම දුකෙන්..දවසක් විතර යනකම් මෙකා කෑවෙත් නෑ බීවෙත් නෑ..හංවඩුවෙ වේදනාවට වෙන්න ඇති..හැබැයි හතර පෝයට සිල් ගන්නා ආච්චිලා සීයලා බෝම ශ්‍රද්ධාවෙන් අර හරකගෙ හංවඩුව දිහා බලා ඉඳිමින් තමන් දීපු රුපියල දෙක ගැන බෝම ආඩම්බරයෙන් කතා කලා නම් මතකයි...

ඉතින් කෝම කෝම හරි ඔන්න පන්සලේ වත්ත පහල ගැට ගහලා හිටිය පින් ගොනාව ප්‍රසිද්ධියේම නිදහස් කරන වෙලාව ආපු ගමන්ම පන්සලේ ඇබිත්ත තෙමේ පන්සල් වත්ත පහලට දුවන් ගිය වේගෙටම ආපහු දුවන් ආවෙ හති ලමින්..

"අනේ හරකා නෑ ..කවුද ලිහලා දාලා වෙන්න ඇති.."

"කවුරු ලිහන්නද ? උඹ හරියට බඳින්න නැතුව ඇති හරකව "

හාමුදුරුවො කෝපයෙන් නලියනවා..

"මන් හරිය බැන්ඳා ලොකු හාමුදුරුවනේ..කවුරු හරි නොසන්ඩාලයෙක් ලිහලා තියෙන්නෙ"

"උඹේ වැරැද්ද වහ ගන්ඩ බොරු කියන්ඩෙපා"

එ හෙම කීවෙ පන්සලේ ප්‍රධාන දායක වෙච්ච පියදාස සීයා..

"එහෙනම් හරකම වෙන්න ඇති ලිහා ගෙන ගිහින් ඒ කඹෙන්ම ලොකු උපාසක මහත්තයගේ බයිසිකලේ  බැඳලා තියෙන්නෙ"

ඇබිත්තයත් අතෑරියෙ නෑ.. 

උපාසක අම්මලා ටික කම්මුලේ අත තියා ගෙන විස්සෝප වෙද්දි පියදාස මාමා වත්ත පහලට ඉගිල්ලුනේ තමන් ඇඳලා හිටියෙ රතු පාට අමුඩෙ කියලා පේන්න සිල් රෙද්ද කරට අරන් ! අපේ උන් ටික හිනාව නවත්තගෙන හිටියෙ බොහෝම අමාරුවෙන්..

අනේ පින් ගොනාව හොයා ගත්තෙ...පහු වෙනිදා අල්ලපු වෙලේ හොඳට තණකොල කකා ඉන්න කොටයි..

ජීවිත කාලෙටම 3-4 වතාවකට වඩා සිල් අර නොගත්ත අපේ සෙට් එක පෝය දවසට ඔය සිල් අර ගත්ත අය තරම්ම නම් සිල් කැඩුවෙ නෑ.. 

පන්සලට යන පාරෙ තරමක් පාළු හරියක අරඹෙ කෙළවරේ ගේක පදිංචි වෙලා හිටියෙ කාන්ති නැන්දයි විජේ මාමයි. විජේ මාමා හැම පෝයටම සිල් ගන්න මස් මාංශයක් කටේ නොතියන තරමේ හොඳ මනුස්සයෙක් උනත් කාන්ති නැන්ද නම්...අනේ මන්දා.. අපිට නම් කියන්න වරදක් නෑ..කොයියම්ම වෙලාවක ගියත් ගෙදර තියේ නම් මොනා හරි පැණි රහ යමක් එක්ක තේ එකක් වක් කරලා දෙන හිත හොඳ නැන්දෙක් !

විජේ මාම සිල් අරන් ගත්තහම ආපහු සිල් පවාරනය කරලා එන්නෙ පහු වෙනිදා.. ඔය අල්ල පනල්ලෙ එහා ගමේ සිරිසෝම මාමා පෝය දවසට හැමදාම කාන්ති නැන්දා එක්ක තුන් වෙනි සිල් පදේ කඩන බව මුළු ගමටම රහසක් වෙලා තිබ්බට නිශාචරයො වෙච්ච අපිට නම් එච්චර රහසක් නෙවෙයි.. 

දවසක් අපේ සෙට් එකේ එකෙක්ගෙ සරුංගලයක් අල්ලපු ගමෙ ගහක රැඳිලා තියෙද්දි ඒක ගන්න ගිය වෙලාවෙ සිරිසෝම මාමගෙ පුතා අපේ එකාට කනට ගහලා එවලා තිබ්බා.. බොහොම මහන්සියෙන් අපි හදපු මහ පත නයා සරුංගලේ අපිට අහිමි වෙච්ච කේන්තිය හිතේ දරන් ඉන්න කොට තමයි ඊළඟ පෝය  දවස උදා උනේ...

සිරිසෝම මාමත් සුපුරුදු විදියට රෑ අට නවය වෙනකොට කාන්ති නැන්දලගේ ගෙදරට රිංගනව බලන් හිටි අපි සෙට් එක තව පැය භාගයක් විතර බලන් ඉඳලා ආයි පන්සල පැත්තට ගියා. එතකොටත් විජේ මාමලා සිල් අරන් මහන්සියට බණ ශාලාවෙ බිත්ති වලට පිට දීගෙන භාගෙට නිදි. ලොකු උපාසක මාම නම් පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතාවක් කියවනවා.. අපේ එකෙක් හිමිහිට වීජේ මාමට කිට්ටු කලා,

"මාමේ මාමේ අපි පන්සල් ගිහින් ගෙදර යන ගමන් නැන්දගෙන් වතුර එකක් බොන්න ගියා..නැන්දා කෙඳිරි ගාගා නිදි මාමෙ..අසනීපයක් වෙන්න ඇති.."

"හත් දෙයියනේ කාන්තිට හිසෙ රුජාවයි කීවා තමයි"

සිල් රෙද්දත් අකුලා ගෙන මාමා ගෙදර දිහාවට හනි හනිකට..

අපිත් පේන නොපෙනෙන ගානට පස්සෙන් ගියේ...

ගෙට ගිය විජේ මාමා සහ ටික වෙලාවකින් සරමත් කරට දමා ගෙන කුස්සිය පැත්තෙන් ඊ ගහක් වගේ දුවන සිරිසෝමා මාමත් ඊට පස්සෙන් සිල් රෙද්ද පිටින්ම උදලු මිටක් උස්සන් පස්සෙන් දුවන විජේ මාමත් ගැන අපි දවස් කීපයක්ම කතා උනේ..අර සරුංගලේ නැති වෙච්ච දුක එතනින්ම ඉවර උනා..

මුළු ගමේම ඉන්න බහුතරයක් භීතියෙන් මුසපත් වෙද්දි හතර පෝයටම සිල් ගත්ත සොපී ආච්චි, මැගිලින් ආච්චි සහ මැණිකෙ ආච්චි යටිගිරියෙන් ...

"මහසෝනා එනෝ" 

කියලා බෙරිහන් දෙද්දිම යකැදුරො කීප දෙනෙක් එක්කම මේ තුන් දෙනාට ලොකු තොවිලයක් නැටුවා.. ටික කාලයක් යනකම් ගමේ ගොඩේ ගෑණු මිනිස්සු සහ සෝමාරි පිරිමි රෑ පානෙ එලියට නොබහින්න තරම් වෙච්ච ඒ සිද්ධියට නම් අපිත් බය උනේ නෑ කියලා කියන්න බෑ.. ඒ එක අටවක පෝය දිනයක්.. පිරිමි උපාසක මහත්තුරු රෑ එලිවෙන කම්ම සිල් අරන් පහු වෙනිදා සිල් පවාරණය කලාට උපාසක අම්මලා රෑ හය හත වෙනකොට සිල් පවාරණය කරලා ගෙවල් වලට හෙමිහිට යන වෙලාව..

තැන....

 අර කාන්ති නැන්දලගේ ගෙවල් තියෙන පාළු පාර...

අර උඩ නම් කීව ආච්චිලා පන්දමක් වන වනා එනවා බොහොම චිත්තප්‍රීතියෙන්....ආන්න එතකොටයි ඒ තුන් දෙනා ඉස්සරහට මහසෝනා පැනලා තියෙන්නෙ.. 

පස්සෙ ඒ ගොල්ලො කීවෙ.. බඹයක් විතර උසට සුදට සුදේ ඇඳගෙන හැම පැත්තෙන්ම ඇහෙන්ඩ කෑ ගහගෙන තමන් ඉස්සරහට පැන්නෙ මහසෝනම තමයි කියලයි..

"අම්මෝ මන් දැක්කා මූන මෙන්න දල දෙක"

මැගිලින් ආච්චි කම්මුලට අත දී ගෙන අපිට කීවෙ..

හරි ඉතින් සුදු සරම් දෙකක් ඔළුවෙ ඉඳන් පොරවගෙන..එකෙක් තව එකෙක් ගෙ කර උඩට නැගලා.. පහු ගිය අළුත් සහල් මංගල්ලෙ පොලෙන් ගත්ත යක්ශ වෙස් මූණ දාගෙන යන්තම පන්දම් එලියෙන් එලිය වෙච්ච පාර මැදට හූ තියා ගෙන කවුරු හරි දෙන්නෙක් පනිද්දි...

අනිත් උන් ටික පාර දෙපැත්තෙම තියන පඳුරු වලට මුවාවෙලා ස්ටීරියෝ ක්‍රමයට හූ තියන කොට ඔතන මැවෙන්නෙ මහසෝනා කතන්දරේ නෙවෙයි නම් ඉතින් වෙන මොකද්ද ? 

මතක් වෙන කොට අපේත් රෝම කූප කෙලින් වෙනවා..

"මොනා වෙලාද මේ වැලේ තිබ්බ මගේ සුදු සරමේ මෙච්චර මඩ ගෑවුනේ ?"

කියලා අපේ තාත්තා අම්මගෙන් අහද්දි මම හෙමිහිට කුස්සිය පැත්තෙන් මාරු වෙලා ගියා..

ඉතින් ඔහොම පෝය දවසට මිනිස්සුන්ගෙ හිතේ තියෙන ආවේගශීලී බව වැඩිවෙන්නෙ සමහර විට හඳේ බලපෑම නිසා වෙන්න පුළුවන්...එතකොට ඒකට වග කියන්න ඕනි හඳ මිසක් ඒ නිසා නරක් වෙච්ච පොඩි ළමයි වෙලා හිටි අපි නෙවෙයි නේද කියලයි මට නම් තාමත් හිතෙන්නෙ ..

64 comments:

  1. Replies
    1. ස්තූතියි ඇස්තූතියි ඇනෝ.. ඇනෝ කෙනෙක් එක උනාමද කොහෙද ?

      Delete
  2. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලියන්නෙකි...උපරිම රස වින්දෙමි..

    ReplyDelete
  3. නෝටිය!

    උඩ පින්තූරෙත් නියමයි.
    කතාවත් 'අපේ කතාවක්'.

    ReplyDelete
    Replies
    1. පින්තූරෙත් මන්ම ගත්ත එකක් තමයි දයාල්..

      Delete
  4. වෙනී අයියත් ජින්නා හා උපාලි වගේය..
    මඩොල්දූව කියවද්දී මමත් ඒ වගේ වැඩකරන්න හීන මැව්වා. ඒවා හැබෑ උනේ නෑ.. මේක කියවනකොටත් ඒ සන්තෑසියම තමයි. උපරිමයෙන්ම රස වින්දා..


    ජය..

    ReplyDelete
    Replies
    1. එතන හිටියෙ උපාලි ජින්නා දෙන්නයි..අපි මෙතන සෙට් එකක්ම.. ෆන් එක උපරිමයි...ඒත් කලේ හොඳ වැඩ කියලා කියන්න නම් දිව නැමෙන්නේ නෑ..

      Delete
  5. සද මෝදු වෙලා නැගෙනකොට මෝල් ගතිය වැඩි වෙනවලු නේ බං !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඒමත් කියනවා ඉතින්..අපි නම් ඒකාලෙ පොඩි උන...ඒවා දන්නෙ දැන්නෙ..

      Delete
  6. :)

    හොඳ සංයමයකින් තෝරා බේරා ගත් සිද්ධි කිහිපයක්‌ පමණක් ලියල තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. ඔව් රාමා..බොහොම සංයමකින් නේන්නම්..දැලි පිහියකින් කිරි කන්නත් ඕනිනෙ...

      Delete
  7. සිල් ගන්න අය තරම් සිල් නොගන්න අය පව් වැඩ කරන්නෙ නැති කතාව නම් සහතික ඇත්ත. රසවත් කතාවක් වෙනී අයියේ. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, අපි ඒ තරම් පව් වැඩ කරලා නෑ නේ ?!

      Delete
  8. පිස්සු හැදෙන සඳ. මේවා මාර රහයි බන්, ඇස් වලින් වතුර එනවා. ඒ උනාට පුතේ කේළම් කියන අයත් අපායේ යනවා. අනික මෙහෙම සින්දුවකුත් මම අහලා තියෙනවා

    අනේ කුරුළු කූඩූවලට ගහන්නෙපා කැට කැබලි...... ද මොකක්ද කියලා....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මාතලන් අයියෙ..ඒත් අද කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ ඔය සිද්ධිය උනත් කාන්ති නැන්දලගෙ පවුල කැඩුනෙත් නෑ...සිරිසෝම මාමා එයාගෙ වැඩේ නැවැත්තුවෙත් නෑ..

      Delete
  9. මරන්න යන හරකගෙ පන බේරනවා වෙනුවට හොරයක් කරලා නිකම් හරකෙක් පන්සල් වත්තේ බැඳලා ඒ මදිවට සතාට වදත් දුන්නම පින් සිද්ධ වෙනවා ඇති හාමුදුරුවන්ගේ පොතේ හැටියට.. වෙනියත් පවු පුරවාගෙන ඒ මදිවට අර ආච්චිලා බය කරලා. එතකොට කාමේසු මිච්චාචාඅරෙ නවත්තපු එකත් පිනක්ද පවක්ද ?

    ReplyDelete
    Replies
    1. ආච්ච්ලාව බය කරපු වැඩේ නම් නරකයි...අනිත්වා නම් පව, පින මිශ්‍ර වෙච්ච එව්වා තමයි..

      Delete
  10. ඔය කියල තියෙන්නෙ කරපු හොඳම වැඩ ටික වෙන්න ඇති.
    මෙතන ලියන්න බැරි ඒවනං කොච්චර කරන්න ඇද්ද. :D

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස් කට කට ප්‍රසන්න මලේ...ඔය සේරම කීහැකියැ ඔය කීවට ??!

      Delete
  11. වෙනියත් බලං ගියාම එසේ මෙසේ පොරක් නෙවෙයි නේ... ! ඔය පෝයක් හින්ද ඊයෙ රෑට කන්නත් නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ රෑට කන්න බැරි උනේ ? ඒ කතාවත් කීවනම් හොඳයි නේද ?

      Delete
  12. ඔව්... ඔව්... සේරම නසරාණි වැඩ වලට හේතුව හඳ තමා...හහ්... අපිව තම්බන්න... එව්ව හඳේ...;)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ලකියො අපි අහිංසක පොඩි උන් නොවැ..අදට උනත් කාටවත් කරදරයක් තියේය කියලයැ ?

      Delete
  13. නෝටි ලියන්නා ...
    හැබැයි ඒ කාලේ කරපු දේවල් විතරයි දැන් මතක් කරලා හිනා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බයේ ගැහි ගැහි කලත් අදටත් ලස්සන මතකයන් තියෙන්නෙ ඒ වයෙ විතරයි..

      Delete
  14. නියමයි............ලිවිල්ල උපරිමයි

    ReplyDelete
  15. වෙනී මාමගෙ පින්පොත පිරිලනේ. ඔය තියෙන්නෙ රැස්කරපු පිං ගමකට, ආයෙ මොකට කරදර වෙනවද? ඔය පෝයදාට මෙව්ව වෙනවය කියන්නෙ හැබෑවටමද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පෝ දාට එහෙම එකක් වෙනවළු...

      Delete
    2. අහ් ... සොරි වෙන්ටෝන අංකල් අයියා. හැමෝම මාමා කියන නිසා මටත් ටැපලිල ‘වෙනී මාමා‘ කියල.

      Delete
  16. මාර කතා ටිකක්නේ . ඔව් ඔව් සඳ තමයි වග කියන්න ඕන . හරක්ට හන ගහන එක මාර පව් වැඩක්නේ . මන් ඇහුවමයි මොහොම හරක් නිදහස් කිරිල්ලක් . ලියන්න ලියන්නෙක්ම තමා .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි ඉතින් අපේ ගම් වල හරක් මරන මස් කඩ තිබ්බේ නෑ..ඉතින් එහෙම තමයි පින් ගොන්නු හිටියෙ..

      Delete
  17. පෝය හදෙන් පවා වැඩ ගන්න දන්න නියම හෙළුවන්...හහ්

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා ආන්න නියම හෙළුවො නේද ?

      Delete
  18. සුපිරියි බන්,
    මාර විදිහටම රස වින්දා, හැම සිද්දියක් ඇතුලෙම ගමේ කම උතුරනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මුදියන්සෙ අපි ගම් වල ඉඳන් ආපු එකේ තියෙන වටිනාකම ඕන් දන් තමයි තේරෙන්නෙ

      Delete
  19. හයියෝ.. හි හි..

    දවසක් සිල් ගත්ත ආච්චි කෙනෙක්ගේ ඇඟට, කොල්ලෙක් සෙල්ලමට විසි කරපු රබර් නයෙක් වැටිලා පන්සල දෙවනත් වෙන්න කෑ ගහපු හැටි තමයි මතක් වෙන්නේ... හි හි

    ReplyDelete
    Replies
    1. අපොයි හිරුලත් කෙල්ලො විදියට මහා නසරාණි වැඩ නොවැ කරලා තියෙන්නෙ..

      Delete
  20. "ජීවිත කාලෙටම 3-4 වතාවකට වඩා සිල් අර නොගත්ත අපේ සෙට් එක පෝය දවසට ඔය සිල් අර ගත්ත අය තරම්ම නම් සිල් කැඩුවෙ නෑ.."

    ඇත්ත නේ... සිල් කැඩෙන්න නම් ඉතින් ගන්න එපැයි :-D

    ReplyDelete
  21. මුන් ටික යක්කු ටිකක්නේ බොලේ :)

    ReplyDelete
    Replies
    1. යක්ශ පැටව් ටිකක් ඒ කාලෙ...දැන් නම් හොඳ ලමයි !

      Delete
  22. කතාව නම් නියමයි වෙනී,ළමා කාලෙට හිත දිවගියේ ඉබේටමයි.
    උඩ දාල තියෙන පිංතූරෙත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ සිහිනයක් වගේ ගෙවිලා ගිය ළමා කාලෙ..ඔය කොළඹට හඳ පේන හැටි තමයි...

      Delete
  23. තාමත් ඔය ලෙඩේ තියනවද බන් අයියේ...?

    අර පින්තුරෙනම් මල් හතයි ඈ... වෙනි අයියගෙ පිට්ටු බම්බුවෙන් ගත්තු එකක්ද ?

    ReplyDelete
  24. ඒ ලෙඩේ නම් ආයි සනීප වෙන එකක්යැ ? ඔව් සෙන්නා මන් ගත්ත එකක් තමා..

    ReplyDelete
  25. බොලේ වෙනී මාමටත් වෙලා තියෙන සන්තෑසි...

    ReplyDelete
  26. ඔය කියාපු පන්සලටත් මරන්න යන හරක් නැති හින්දා ගමේ ඉන්න හරක් අරං නිදහස් කරන එවුවොන්ටත් බයින්න යන්න එපා බොලංලා... ඒක උනත් වටින කියන වැඩක් තමා...

    මොනවා උනත් අපේ වෙනියා නිදහසේ කොළඹ පැත්තට පැන ගත්ත එකත් මදෑ..හා නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
    Replies
    1. පන්සලේ පින් ගොනෙක් උනා නම් මීට වඩා නිදහසේ ඉන්ඩ තිබ්බා බන් ඇත්තමයි..

      Delete
  27. කොහෙං ගියත් කවුරු හරි පනින කොට්ටක් අල්ලන්න ගමේ ඉඳලා තියෙන්නේ වෙනි අයියනේ බොලේ....

    හරිම රසවත් කතා ටිකක් තව නොකියවුනු දේවල් කොච්චර නං ඇතිද නේ??

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අපොයි කියන්න බැරි එව්වා නම් අනන්තයි...බලමු බලමු මෙහෙම පාර තලා ගෙන ගිහින් දවසක එව්වත් ලියන්ඩ පුළුවන් වෙයි වගේ..

      Delete
  28. දැන් කොටු පනින උන් ගමේ නැතුව ඇති මගේ හිතේ.ලස්සන කතාවක් වෙනි අය්යේ.

    ReplyDelete
    Replies
    1. තාමත් ඉන්නවා ඒත් අපි කලා වගේ ඔව්වා හොයන්නෙ නම් නැද්ද මන්දා ?

      Delete
  29. ඒ කාලේ වයසක අයගේ උනත් හිත හයිය හින්දා හොඳයි. දැන් කාලෙනම් තරුණ එකෙකුට උනත් ඔය වගේ නසරානි වැඩක් කලානම් හාට් ඇටැක් එකක්. වෙනීලට තව පොඩ්ඩෙන් වෙන්නේ මිනී තුනක් උස්සන්න.

    එක දවසක් වැල කන්න ගිහින් පවක් කරගත්තලු. තව දවසක් පෝය දවසකදී කේලම් කියලා පව් පුරෝ ගත්තලු. හ්ම්ම්ම්.... දිට්ඨ ධම්ම වේදනීය කාර්ම කියලා දෙයක් ගැනත් ඔයාලා අහලා ඇතිනේ.
    ඔන්න කට්ටියම දැන්ම ඉඳන්ම පව් වැඩ කරන එක නවත්තන්න හිතා ගත්තොත් හොඳා.

    ඕකට හෙන්රි අයියගේ සුසිරිපාල ලොක්කා මෙහෙම කියලා තිබුනලු.
    “මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

    ReplyDelete
    Replies
    1. ආආ.... තව දෙයක් කියන්න බැරි උනා. අර පොටෝව නම් මරු. ඇත්තටම එකට යොදා ගත්තු උපක්රමයත් මරු. ඒත් අර සෙලෝපේන් කොලේ තැන් තැන් වල තියෙන සිදුරු නිසා සුදු තිත් විදියට ඉර එලිය පේනවා.

      ඒ හින්දා පොඩ්ඩක් කම්මැලිකම පැත්තකට දාලා හත අට වෙනකම් ඇහැරගෙන ඉඳලා හඳේම පින්තුඋරයක් දැම්මනම් හොඳා. අනෙක පෝය දවසේ මිනිස්සුන්ව රවට්ටන එකත් හොඳ මදිනේ....

      Delete
    2. ඔව් අකමා ඔය කරපු පව් වැඩ නම් කවදා හරි පල දෙයි...ඒකනෙ මේ දැන් පින් අතේම වැඩ කරන්නෙ.. ෆොටෝ එක ගත්තෙ කමරාව අතේ තියා ගෙන සහ සෙටින්ග්ස් එච්චර හරි ගස්සලා නෙවෙයි ඒකයි අප්සට් එක...හි හි ඒ කීව ක්‍රමේට අරන් බලන්න ඕනි තව ෆොටෝ එකක්

      Delete
  30. බලන් යද්දි වෙනි අයියට සෑහෙන වයසයි නේ.... අයිය නෙමෙයිද මන්දා...

    අමාරුවෙන් ලියන්න පුළුවන් එව්ව විතරක් තෝරගෙන... හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...දශක තුනක් කියන්නෙ ඉතින් ගෙඩි පිටින්ම තිහක්නෙ...
      සේරම ලිව්වැහැකියැ ඉතින් වැල පත්තරයක් වගේ තියෙයි..

      Delete
  31. වෙනියා. උඹ පෝය දිනේ ගැන කියලා තියෙන දේ නම් සහතික ඇත්ත.

    ඔය 'නෑ පිංවතුනි' කියන කෑල්ල පාවිච්චි කරන්න උඹ අදාල පුද්ගලයගෙන් පර්මිෂන් ගත්තද? ඕක කොපි රයිට්.

    stereo ක්‍රමයට විතරක් නෙවෙයි ඩොල්බි ඩිජිටල්, 5.1 සරවුන්ඩ් වලිනුත් පුලුවන්.

    උඹ ගුටි කන්න ආසන්න බව නම් කිව්වෑකි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. පෝයට පිස්සු ඩබල් !
      ස්ස්ස්ස්ස්ස්ස් කෑ ගහන්ඩෙපා..හොරෙන් ඉස්සුවෙ..ඔය පිං වතුනි කෑල්ල..
      හිකිස් දැන් නම් 5.1 ක්‍රමේට තමයි..ඒ දවස් වල ඉතින් තිබ්බෙ ස්ටීරියො විතරයිනෙ..
      මන් හිතුවා පහු ගිය දොහේ හම්බ වෙච්ච වෙලාවෙ එහෙම ලකුණු තිබ්බා නේද මූනෙ..ඕම කියපු හය වෙනියා තමයි හෙන්රි..:-D

      Delete